අසභ්‍ය වැඩක් නිසා ශිල්පා ⁣ ෂෙට්ටි අවුලක

ඉන්දියාවේ සිනමා කර්මාන්තය දෙස බැලීමේදී පෙනී යන කරුණ වන්නේ ලංකාවේ සිනමා කර්මාන්තය තවමත් ආරම්භක අවස්ථාවේ පවතින්නත් ලෙසයි. ඉන්දියාවේ සිනමා කර්මාන්තය හා සංසන්දනය කළහොත් ඒ හා ලඟාවීමටත් ලංකාවේ සිනමා කර්මාන්තයට නොහැකිය. මන්ද ඒ  තරමටම ඔවුන්ගේ වසරකට නිෂ්පාදනය වන චිත්‍රපට සංඛ්‍යාව ප්‍රමාණාත්මකව ඉහළය. එමෙන්ම ඉන්දියානු සිනමා කර්මාන්තය තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා ද කාන්තාවන්ට සිදුවන ලිංගික බලපෑම් ද අතිමහත්ය. මේ සම්බන්ධයෙන් පසුගිය වසර ගණනාවක් පුරා ක්ෂේත්‍රයෙහි ජනප්‍රිය නිළියන් සේ ම සිනමාවට පැමිණීමට නොහැකිව නිෂ්පාදකයන් මෙන්ම  අධ්‍යක්ෂකවරුන් මගින් ලිංගික හිංසනයට  ලක්වූ නිරූපිකාවන් ද විවිධ අවස්ථාවලදී මාධ්‍ය ඉදිරියට පැමිණ චෝදනා එල්ල කරනු ලැබුවා. 

මේ සිදුවීමත් ඒ සිදුවීම් වලට සමාන ඒ ආකාරයේම සිදුවීමක්. මෙයින් වඩාත් අපහසුතාවයට පත් වුණේ ජනප්‍රිය නිළියක් වන ශිල්පා ෂෙට්ටි. ඊට හේතුව තමයි ශිල්පා ෂෙට්ටි ගේ සැමියා විසින් අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ පට අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරීමය. මෙය ඔහු විසින් පවත්වාගෙන යනු ලැබුවේ ව්‍යාපාරයක් ලෙසයි. මේ සඳහා ඔහු සම්බන්ධ කර ගනු ලැබ සිටියේ සිනමා කර්මාන්තයට පැමිණීමට බලාපොරොත්තු සිටින සුරූපී තරුණියන්ය. සිදුවීම මුම්බායි පොලිසිය විසින් සොයා ගැනීමත් සමඟ ශිල්පා ෂෙට්ටි ද මේ හා සම්බන්ධයක් තිබේදැයි ඔවුන් විසින් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා. කරුණු කාරණා කෙසේ වෙතත් මෙයින් වඩාත් අපහසුතාවයට පත් වූවේ ශිල්පා ෂෙට්ටි. මන්ද 2007 වසරෙන් පසු ඇය රංගනයෙන් සහභාගි වූ ප්‍රධාන නිළි චරිතය හොබවන “හංගාමා 2 ” චිත්‍රපටය පසුගිය පස්වැනිදා නිකුත් කරනු ලැබීමත් සමඟයි. මේ සිදුවීම අලලා කරුණු කාරණා කෙසේ ඉදිරිපත් වුවද චිත්‍රපටයේ නිශ්පාදකයන් තවමත් ඉන්නේ කවරාකාරයෙන්  චිත්‍රපටය ඉදිරියට යා දෝයි කියන සැකයෙන්.