
ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ ප්‍රියසාද් පවුලේ දෙවැනි දියණිය. චැලෙන්ජර්ස් චිත්‍රපටයේ රඟමින් රටක අවධානය දිනාගත් ශේෂාද්‍රි පසුගියදා හොර රහසේම යුග දිවියට එළඹුණා. ගායන ශිල්පී සහ වාදන ශිල්පියෙක් විදියට ජනප්‍රිය ඩොක්ටර් සංගීත කංඩායමේ ක්‍රිෂාන් පෙරේරා සමඟ තමයි ශේෂාද්‍රි මෙසේ යුග දිවි ගමන ඇරඹුවෙ. පළමු විවාහයෙන් වෙන්වී කලක් ගතවෙද්දී ශේෂාද්‍රි සහ ක්‍රිෂාන් අතර තිබූ ප්‍රේම සබඳතාව ගැන කවුරුත් කතා බහ කළා. ඔවූන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් සමාජ ජාලාවල දකින්නට ලැබුණා. කෙසේවෙතත් පසුගියදා ඔවුන් දෙදෙනා විවාහය ගිවිසගත්තේ කොරෝනා අස්සෙ තියෙන නීති මැද්දෙ
ශ්‍රී ලංකාවේ සිනමා වංශකතාවේ නමක් ලියූ ඇයටත් සංගීත ලොවේ නම රැන්දූ ඔහුටත් අපි හදවතින් සුබ පතමු.