මට ආදර සම්බන්ධතා තුනක් විතර තිබුණා – කිරුළි කියන ආදර කතාව

හිත ළඟ හිණැහුණා ටෙලි නාට්‍යයේ කිරුළි හැමෝගෙම ආදරේ දිනාගත්ත හුරුබුහුටි සුන්දර චරිතයක්. නැන්දම්මාගේ ස්පයිසි ක්‍රැකර් ඇඩ් එකෙන් ලෝකයම දැනගත් ඇය ඉන් පසුව වෙළඳ දැන්වීම් හරහා අප හමුවුණා. ෂෙනායා ඇනීසා වැනොෆ් ඇය තමයි කිරුළි.

බොරැල්ල ඕල් සෙන්ට්ස් විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලද ඇගේ බලාපොරොත්තුව වෙලා තිබුණේ මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වෙන එක. ඉන් පස්සෙ ඇය  ඕස්ට්‍රේලියාවේ යන්න හිතාගෙන හිටියත් එය මඟඇරිල තියෙන්නෙ පෙම්වතාගෙ අකමැති නිසා. ඒ ගැන ඈ කියන්නෙ මෙහෙම කතාවක්.

“එයත් ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. අපේ සම්බන්ධයක් පටන් ගත්තට පස්සේ මම මේ වැඩවලට සම්බන්ධ වෙනවාට එයා කැමති වුණේ නැහැ. මම පිරිමි ළමයි එක්ක රඟපානවට එයා කැමති වුණේ නැහැ. ඒ නිසා තනියම කරන කමර්ෂල් විතරක් කළා. එහෙම කරගෙන එයා කියන විදියට මම ජීවිතය ගොඩනගා ගත්තා. වසර දෙකක් විතර ඒ කටයුතුවලින් මම ඉවත් වෙලා සිටියා. ඉන් පස්සේ අපි දෙන්නා වෙන් වුණා. ඊට පස්සේ. මහේෂ් අයියා මට ඒ චරිතය ගැන කිව්වා. කටකාර, දඟකාර කිරුළි ගැන. ඒ චරිතය රඟපාන්න මම කැමති වුණා. ඇයට කිරුළි ලැබුණෙ එහෙමයි.

ෂෙනායා ඇගේ ආදර සබදතා ගැනත් පුවත්පතකට මෙසේ අදහස් දක්වා තිබුණා.
මට ආදර සම්බන්ධතා තුනක් විතර තිබුණා. මුලින්ම කෙනෙක් මගෙන් ඇහුවා. මම කිව්වා ගෙදරින් අහන්න කියලා. බලන කොට එයා අපේ අම්මිලාගේ යහළුවකුගේ පුතෙක්. ඒත් අපි නිකං කතා කළා විතරයි. ඒක ඉතින් ආදර සම්බන්ධයක් කියලා කියන්නත් බැහැ. මාස දෙකකට පස්සේ ඒ කතාව නැවතුණා.

එයාගේ සම්බන්ධයත් වසර දෙකකට පස්සේ අවසන් වුණා. අම්මලා නම් ඒකට කැමති වුණේ නැහැ. මගේ කැමැත්තට කළේ. මේ වෙනකොට වෙන්වෙලා මාස 09ක් විතර ගතවෙලා. අනෙක් එක ඊට පස්සේ. ඒක තිබුණේ මාසයක් විතර වගේ. ඒත් ඒක නම් මගේ හිතට ගොඩක් දැනුණා.

එයා ක්ෂේත්‍රයේ කෙනෙක්. ඒ ගැනයි මම කල්පනා කරන්නේ. එයාගේ ප්‍රශ්න නිසා. ඒ කියන්නේ බොරු කළා. ඇත්තටම මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. නැවතත් මම ඒ වගේ සම්බන්ධතාවක් ඇති කරගන්න කැමති නැහැ. ඇත්තටම මම ඒවා ගැන ඉස්සරහට හිතන්නේ නැහැ.