තරුණයන්ගේ සිහින කුමරිය ශනූ

ප්‍රියසාද් පවුලේ පුංචි සමනළිය තමයි ශනුද්‍රි කියන්නේ. දිනක්ෂි, ශේෂාද්‍රි කියන අක්කල දෙන්නාගේ ආදරේට සහ දිනේෂ් ප්‍රියසාද් කියන පරිණත කලා කරුවාගේ ආදරය මැද හැදී වැඩෙන ශනූ දැන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තාරකාවක්.

ඉතාමත් පරිස්සමෙන් කලා කටයුතු තෝරා බේරා ගන්නා ශනූ දැන් තරුණයන්ගේ සිත් වසඟයට පත් කරන තාරකාවක් බවට පත්වෙලා ඉවරයි.

මේ දිනවල හිරු ඩාන්සින් ස්ටාර් වේදිකාවේ ඈ නිරූපණය කළ ඇතැම් චරිත නිසාම වෙනදාට වඩා ශනුද්‍රි ගැන සමාජ මාධ්‍යවල කතා බහට ලක්වුණා.

ඒ අතර දිනේෂ් ගමගේ නම් නවක ගායන තරුව සමඟ ශනුද්‍රි ගේ ප්‍රේම සබඳතාවක් ආරම්භ වූ බවද කට කතා පැතිරුණා.

“ඔව් දිනේෂ් අයියා සහ මම හොඳ යාලුවො.එයාගේ ගීතවලට මම ආසයි.එතනින් එහා අපි අතර සම්බන්ධයක් තියෙනවනම් ඒ අපේ සහොදර හිතවත්කම් විතරයි”

ශනුද්‍රි කියන්නේ එහෙම කතාවක්.

වැහි බින්දු වැටෙනවා ගීතයේ ජනප්‍රියත්වයට ශනුද්‍රි දැක්වූ දායකත්වය විශාලයි.