ඇෆ්ඝනිස්තානයෙන් බිහිවූ ප්‍රථම වීදි චිත්‍ර ශිල්පිණිය – Shamsia Hassani

මුළු මහත් ලෝකයම පාහේ මේ වන විට කතා කරනු ලබන්නේ ඇෆ්ගනිස්තානය පිළිබඳවයි. ඒ තලෙයිබාන් කැරලිකරුවන් විසින් ඇෆ්ගනිස්තානය තම අණසකට යටත් කර ගත් හෙයිනි. කෙසේ වෙතත් මේ පුවත ඒ සම්බන්ධයෙන් නොවේ. ඇෆ්ගනිස්ථානය වැනි යුදකාමී පරිසරයක් තුල වුවද අති දක්ෂ නිර්මාණ ශිල්පීන් සිටිනවායැයි ඔබට පහත දැක්වෙන නිර්මාණ කිහිපය පිරික්සීමේදී පෙනීයනු නොඅනුමානයි. මේ ඇෆ්ගනිස්ථානයෙන් බිහිවූ ප්‍රථම කාන්තා වීදි චිත්‍ර ශිල්පිනිය (Street artist) වූ Shamsia Hassani ගේ චිත්‍ර නිර්මාණයන් ය.

1988 අප්‍රේල් මස උපත ලද ඇය සිය කලා කෘති තුළින් නිරූපනය කරන්නේ පිරිමි අධිපති සමාජයක ඇෆ්ගනිස්ථාන කාන්තාවන් ය. ඇයගේ මෙම නිර්මාණයක් නිසා ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට සමාජය පිළිබඳව වෙනස් මුහුණුවරක්, ආත්ම ශක්තියක්, අභිලාෂයන් සහ ඉලක්ක සපුරා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ඉඟි ලබා දීමක් සිදු විය. එම කලා කෘතිවල භාවිතා කරන කාන්තා චරිතය නිරූපණය කරන්නේ කාන්තාව යනු ආඩම්බර, ඝෝෂාකාරී සහ මිනිසුන්ගේ ජීවිතවලට යහපත් වෙනස්කම් ගෙන ඒමට හැකි චරිතයක් ලෙස ය. ඇෆ්ගනිස්ථානයේ පශ්චාත් යුධ සමයේ අවසාන දශකය තුළදී, Shamsia Hassani ගේ නිර්මාණ එරට සියලුම කාන්තාවන්ට මහත් අභිමානයක් ගෙන ඒමට සමත් විය.

ඇයගේ කලා කෘති ලොව පුරා දහස් ගණන් කාන්තාවන්ට ආස්වාදයක් ලබා දී ඇතිවාක් මෙන්ම ඇෆ්ගන් කලාකරුවන් සඳහා නව බලාපොරොත්තුවක් දැල්විය හැකි මානයකට ගෙන ඒමට සමත් විය . කෙසේ වෙතත් ඒ සියල්ල දැනි අතීතයට මුසුව හමාරය.

පහතින් දැක්වෙන්නේ Shamsia Hassani පසුගිය වසර කිහිපය තුළ වරින් වර නිර්මාණය කළ කලා කෘති වේ.

Scroll to Top