
ඔබ හොඳින්ම දන්නා කාරණාවක් තමයි මේ වන විට Covid-19 වයිරසය ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවාය කියන එක. මේ නිසා ලෝකය පුරාම ජනප්‍රිය නළු නිළියන් වගේම ගායක ගායිකාවන් ද මේ වසංගතයට ගොදුරු වුණා. අපේ රටට වුණත් එහි වෙනසක් වුණේ නැහැ. ලංකාවේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකුටම Covid-19 වයිරසය ශරීරයට ඇතුල් වුණා. ජනප්‍රිය යොවුන් නිළියක වන ශලනි තාරකාට ද ඉන් මිදීමේ හැකියාවක් ලැබුනේ නෑ. කොහොම වුණත් ඇය දැන් සුව අතට හැරිලා ඉන්නේ. ඇය නිරෝධායනය වෙමින් සිටි දින 14 තුල ඇයගේ ශරීරයේ පැවති රෝග ලක්ෂණ සහ ඇය ලබා ගත් ප්‍රතිකර්ම පිළිබඳ කුඩා සටහනක් ඇය තමන්ගේ ෆේස්බුක් ගිණුමෙන් අන්තර්ගත කොට තිබුණා. පහතින් දැක්වෙන්නේ ඇය තම ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනයි.
July 26th – ආශ්‍රිතයන් මුනගැසුනු දිනය
July 31st – රෝග ලක්ෂණආරම්භය
නොනවත්වා කිවිසුම් යෑමනාසය තරමක් බුරුල් වීමඋඩුතල්ල කැසීමඋගුර වෙලීම/කහට බැදුනු ස්භාවයක් දෑනීම(උනුවතුර පානයෙන් එදිනම සම්පූර්ණයෙන්ම උගුරේ අපහසුව නැතිවීම) හවස් වන විට ඇගට සීතල ඇල්ලීම. P.S. එදිනම ආශ්‍රිතයන් රෝගීන් බව දැන ගෑනීම නිසා සියලුදෙනා දැනුවත් කර නිවසේ තනි කාමරයක ස්වයං නිරෝධායනය වුනා. කාමරයෙන් පිටතට සුලු කාරනයකට පැමිණියත් මාක්ස් එක දමා ගත්තා. නිවැසියන්ටද අහාර හා අනෙකුත් දෑ සපයන විට මාස්ක් පැලඳීම කාමරයේ දොර අසලම sanitizer තැබුවාපිඟන් කෝප්ප හැදි වෙන්කලා, නිතරම දෑත් සේදීම අනිවාර්ය වුනා.
බෙහෙත්:- පස්පංගුව, විටමින් c 500g, විටමින් D, cetirizine 10mg පමණයි. අමතරව උන කට්ටක් මිලදී ගෙන සෑම වරුවකම දත්ත සටහන් කලා.
Aug 1st – පලමු දින රෝග ලක්ෂණ
පාන්දරම 98.7 ට 99 ට උණ ගැනීම සීතල දැනීම ද හෙම්බිරිස්සා ගතිය ද ඇඟපත මහන්සිය පාචනය.
බෙහෙත් :- පැනඩෝල් පැය 6/6 ට , cetirizine 10mg උදේ හවස, පස්පංගුව /සුවදරණි උදේ හවස, විටමින් C 1000g, විටමින් D 3000mg, දුම් ඇල්ලීම 3 වරක්.
Aug 2nd – දෙවන දින රෝග ලක්ෂණ
උණ සම්පුර්ණයෙන්ම නැතඇඟට කිසිම අපහසුවක් නැත. නාසය හිරවීම නිසා හුස්ම ගැනීමට අවහිර තාවය, කිවිසුම්යාම පාචනය, ආහාර අරුචිය නමුත් කෑමට අවශ්‍යය නිසා දෙන සියලුම ආහාර අතිරේක අහාර ලබාගත්තා. අමතරව දෙලුම් යුෂ / උණු ජලය/ ප්ලෙන් ටී, ඉඟුරු සහ දෙහි දමා රස්නෙන් / කොල ඇපල් ආහාරයට ගත්තා.
බෙහෙත් :- පැනඩෝල් පැය6/6ට , cetirizine 10mg උදේ හවස, පස්පංගුව /සුවදරණි උදේ හවස, විටමින් c 1000g , විටමින් D 3000mg ,දුම් ඇල්ලීම 3වරක්.
Aug 3rd – තුන් වන දින රෝග ලක්ෂණ
101 -102 අතර උන නැවත ඇතිවීමඅධික සීතල නාසය ගැලීම සහ අවහිර වීම විටෙන් විට. මද කැස්ස, පපුව හිරවීම/ පපුව මහන්සිය, කොන්දේ දරාගත නොහැකි අධික වෙදනාව, හතිය කතා කිරීමට පවා අපහසුවීම, ඇඟපන නැතිවීම, ආහාර අරුචිය නමුත් කෙසේ හෝ ආහාර ගත්තා. පාචනය නොනවත්වා. *එදින PCR පරීක්ෂණයට යොමුවුනා. මෙදින සිට රාත්‍රියේ නින්දට නොහැකීවීම/ බියක් ඇතිවීම/ නින්දේදි හුස්ම තදවීම නිසා මුනින් අතට නිදාගැනීමට පුරුදුවුනා. Meditation Music නින්දයාමට උදව්වක් වුනා. ඒවගේම නින්දට පෙර නැවතත් steam කලා. පිරිසිදු වාතාශ්‍රය ඇති ස්ථානයකට නිරාවරණය වී මාස්ක් ගලවා වාතය ආශ්වාස කලා.
බෙහෙත් :- පැනඩෝල් පැය 6/6 ට , cetirizine 10mg උදේ හවස, *පස්පංගුව /සුවදඅරණි උදේ හවස, විටමින් C 1000g , විටමින් D 3000mg ,දුම් ඇල්ලීම 4වරක්අමතරව කොල ඇපල් යුෂ පේර ඇපල් කෙසෙල් මිදි අහාරයට ගත්තා ප්ලෙන් ටී ඉගුරු සහ දෙහි දමා රස්නෙන්.
මේ තාක් කල වැරැද්ද
කාමරයේ ජනේල වසා තබාගෙන දොරත් වසාගෙන සිටියා.පිරිසිදු වාතය කාමරයට ලැබුනේ නෑ. උන පිටවීමේදි දාඩිය දමන නිසා ටික වේලාවක් කාරයෙන් ඉවත් වී A/C ක්‍රියාත්මක කර තැබුවා. නැවත කාමරය සිසිල් වු පසු ක්‍රියාවිරහිත කලා.
Aug 4th – හතර වන දින රෝග ලක්ෂණ
උන 99.8, හෙම්බිරිසාව, මද කැස්ස, කොන්දේ වේදනාව (Hot water bag එකක් වේදනාව ඇති ස්ථානයේ තබාගෙන සිටියා), පාචනයනාසය ගැලීම සහ අවහිර වීම විටෙන් විට හතිය කතා කිරීමට පවා අපහසුවීම, ඇඟපන නැතිවීම,ආහාර අරුචිය නමුත් කෙසේ හෝ ආහාර ගත්තා. පාචනය නොනවත්වා. උදෑසන PCR පරීකෂණයේ ප්‍රතිථල වලින් මා කොවිඩ් ආසාධිතයෙක් බව තහවුරු වුනා. ආශ්‍රිතයන් සියලු දෙනා දැනුවත් කර අදාල ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබාගන්නා ලෙස ඉල්ලුවා. වෛද්‍ය උපදේශන මත අවශ්‍යය බෙහෙත් ලබාගත්තා. මෙතැන් පටන් A/C ඉදිරියට භාවිතා කලේ නෑ. නිතරම හොඳ වාතාශ්‍රයක් ලැබීමට කාමරයේ සියලුම ජනෙල් හොදින් විවරව තැබුවා. පලමු දින සිටම ඉතුරුවූ කෑම/ භාවිතාකල මාස්ක් ටිෂු සහ වෙත් අපද්‍රව්‍යය සතෙකුටවත් කට නෙගැසෙන ආකාරයට බැහැර කලාසුරතල් සතුන් කාමරයටවත් ගත්තේ නෑ.
බෙහෙත් :- පැනඩෝල් පැය 6/6ට , cetirizine 10mg උදේ හවස, Antibiotics *පස්පංගුව /සුවදඅරණි උදේ හවස, විටමින් C 1000g , විටමින් D 3000mg ,දුම් ඇල්ලීම 4-6 වරක්.
අමතරව දොඩම් යුෂ පේරඅඹ කෙසෙල් අහාරයට ගත්තා ප්ලෙන් ටී ඉගුරු සහ දෙහි දමා රස්නෙන් Oximeter එකක් මිලදී ගෙන පැය තුනකට වරක් දත්ත සටහන් කලා. සැක සහිත අවස්ථාවන්දී වෛද්‍යවරයා දැනුවත් කලා.
Aug 5th – පස් වන දින රෝග ලක්ෂණ
උන 98-99 අතර නාසය ගැලීම සහ අවහිර වීම විටෙන් විට හතිය කතා කිරීමට පවා අපහසුවීම. ඇඟපන නැතිවීම, ආහාර අරුචිය නමුත් කෙසේ හෝ ආහාර ගත්තා. පාචනය නොනවත්වා කැස්ස, මද කොන්දේ වේදනාව. පපුව හිරවීම වේදනාව ( මෙය ලබාදුන් antibiotics නිසා යැයි වෛද්‍යයවරයා සැකපල කල නිසා එය සමනයට බෙහෙත් නියම කලා) හුස්ම ගැනීමේ අවහිරතා (විශේෂයෙන්ම රාත්‍රි කාලයේදි)
බෙහෙත් :- පැනඩෝල් පැය 6/6ට , cetirizine 10mg උදේ හවස, Antibiotics *පස්පංගුව /සුවදඅරණි උදේ හවස, විටමින් C 1000g , විටමින් D 3000mg ,දුම් ඇල්ලීම 4-6 වරක් (ආයුර්වේද දුම් හට්ටිය පවුලේ සැමම ආරම්භ කලා )
අමතරව අන්නාසි, ඇපල් ඒ වගේම නිවසේ නිරෝධයනය නිසා PHI මහතාට පොලීසියට දැනුම් දුන්නා.
Aug 6th – හය වන දින රෝග ලක්ෂණ
උන නැත. නාසය ගැලීම සහ අවහිර වීම විටෙන් විට, හතිය කතා කිරීමට පවා අපහසුවීම, පාචනය, ආහාර අරුචිය තවමත්. කෑම වල ලුනු රසය වැඩිපුර දෑනීම.නමුත් හැකි සෑමවිටම ආහාර මෙන්ම උනුජලය ජීවනි සහ අමතර යුෂ වර්ග පානය කලා.
බෙහෙත් :- Antibiotics *පස්පංගුව /සුවදඅරණි උදේ හවස, විටමින් C 1000g , විටමින් D 3000mg ,දුම් ඇල්ලීම 4-6 වරක් (ආයුර්වේද දුම් හට්ටිය)
Aug 7th – හත් වන දින රෝග ලක්ෂණ
උන නැත, ඇඟපත වෙහෙස සහ හතිය, නාසය අවහිර වීම, සැරෙන් සැරේ කැස්සසෙම ගතිය, පාචනය, පැනිරස කෑමට රුචියක් ඇතිවීම, කෑමවල ලුනුරසය වැඩියෙන් දැනීම, සවස් වන විට පපුව තදවීම, හුස්ම ගෑනීමේ අවහිරතා Oximeter යට අනුව Oxygen Level එක හවස සිට 93-94 අතර පැවතීම නිසා හදිසි රොහල් අංශයට ඇතුලත්වී පරීක්ෂා කිරීම. නමුත් ඒවන විට ECG පරීක්ෂණයෙන් ආපදාවක් නැති බව තහවුරු වුනා. නිවැසේ ලඟම ආශ්‍රිතයන් PCR පරීක්ෂණයට යොමු කලා.
බෙහෙත් :- Antibiotics පස්පංගුව /සුවදරණි උදේ හවස, විටමින් C 1000g , විටමින් D 3000mg ,දුම් ඇල්ලීම 4-6 වරක් (ආයුර්වේද දුම් හට්ටිය)අමතරව ජීවනි පලතුරු යුෂ පලතුරු කේක්.
Aug 8th – අට වන දිනය
මද උනගතිය 98.3 නමුත් පැනඩෝල් ගැනීමෙන් සම්පුර්නයෙන් සුව වියඇඟපත වෙහෙස, හතිය, නාසය අවහිර වීම, කැස්ස, සෙම ගතිය, පාචනය, පපුව අධික වේදනාව /හිරවීම හුස්ම ගැනීමට අපහසු වීම. එදින රාත්‍රියේ අපහසුවට සහ බියට නින්දක් නෙමැතිවීම නිසා පසුදින අලුයම 3.30 පමන තෙක් නොනිදා සිටියා. PCR පරීක්ෂණ වලට යොමු කල නිවැසියන් ආසාධිතයන් නොවන බව තහවුරු වුනා (Negative)සහ 8 වන දින වන විටත් ලගම ආශ්‍රියන් කිසිවෙකු වාර්ථා වුනේ නැහැ .
බෙහෙත් :- Antibiotics පැනඩොල් පස් පංගුව /සුවදරණි උදේ හවස, විටමින් C 1000g , විටමින් D 3000mg ,දුම් ඇල්ලීම 4-6 වරක් (ආයුර්වේද දුම් හට්ටිය)අමතරව ජීවනි පලතුරු යුෂ පලතුරු.
Aug 9th – නව වන දිනය
උන නැත, කැස්ස, සෙම ගතිය,හතිය, වෙහෙස දැනීම, පාචනය.
බෙහෙත් :- Antibiotics අවසන් වීම නිසා සිංහල ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවකට යොමු වුනා.එහි අඩංගු දෑ* දුම් ඇල්ලීමට ආයුර්වේද වට්ටෝරුවක් 4-6 වරක්* නිවසේ විෂබීජ නැසීමට දුම් ඇල්ලීම සදහා බෙහෙත් කුඩු * කොව්ඩ් ආසාධිතයා සදහා ආයුර්වේද පේයාව 3 වරක්* නිවැසේ ආශ්‍රිතයන් සදහා පේයාව.
විටමින් C 1000g , විටමින් D 3000mg අමතරව පලතුරු යුෂ පලතුරු ජීවනි.
Aug 10th – දස වන දිනය
කිසිදු අපහසුවක් නැතවැඩකල නිසා හවස 3 පමන විට කොන්ද තරමක වේදනාවක් දැනුනා. හතිය නැත මහන්සිය නැත. මද කැස්සක් සමහර අවස්ථා වලදී පමනක්. සම්පුර්ණයෙන්ම පාවිච්චි කල කාමරය /නාන කාමරය පිරිසිදුකාරක යොදා පිරිසිදු කලා. භාවිතා කල ඇද ඇතිරිලි කොට්ට උර ටවල් සහ ඇදුම් විශබීජනාශක යොදා වෙනමම සෝදා තද අව්වේ වේලා ගත්තා. කොට්ට තද අව්වේ පැය කිහිපයක් තැබුවා. භාවිතා කල කෝප්ප පිඟන් උනු ජලයෙන් සෝදාගත්තා. භාවිතා කල ස්පර්ශ කල සියලුම ද්‍රව්‍ය විශබීජ නාශක යොදමින් පිරිසිදු කලා. නිවැසියන්ද සම්පුර්ණ නිවසම පිරිසිදු කර විෂබීජහරණය කලානිවසේ භාවිතයට යොදා තිබු කාපට් මෙන්ම මතුපිට පෘෂ්ඨ විශබීජ නාශක යොදා පිරිසිදු කලාහොද වාතාශ්‍රයක් ලැබීමට නිවසේ සියලුම ස්ථාන විවෘතව තැබුවා.
බෙහෙත් :- ආයුර්වේද බෙහෙත්දුම් ඇල්ලීම 4-6 වරක්විටමින් c 1000g , විටමින් D 3000mg අමතරව අන්නාසි යුෂ ඇපල් යුෂ පලතුරු ජීවනි.
Aug 11th – එක්කොලොස් වන දිනය
අපහසුවක් නැත. හවස සෙම්ගෙඩි සෑදීමේ මුල් ලක්ෂණ ආරම්භ වීම නිසා ලුණු වතුරෙන් උගුර සේදීමෙන් පසුදින වන විට සමනය වුනා. වැඩිපුර කැස්ස,සෙමගතිය වැඩිපුර.
බෙහෙත් :- ආයුර්වේද බෙහෙත්දුම් ඇල්ලීම 4-6 වරක්විටමින් C 1000g , විටමින් D 3000mg.
Aug 12th – දොලොස් වන දිනය
කැස්ස සහ සෙම ගතිය, තෙහෙට්ටුව සහ නිදිමතගතිය, හවස නාසය අවහිර වීම නිසා Nose Drops පාවිච්චි කලා.
බෙහෙත් :- ආයුර්වේද බෙහෙත්දුම් ඇල්ලීම 4-6 වරක්කැස්ස සදහා ආයුර්වේද සිරප් එකක් විටමින් C 1000g , විටමින් D 3000mg.
Aug 13th – දහතුන් වන දිනය
වෙනදාට වඩා සුවයි. නමුත් සෙමගතිය තවමත් මද ඔලුව කැක්කුමක් ඇවිදිනවිට ඔලුව රිදීම, මද කැස්සක් , නිදිමත ගතියක්.
බෙහෙත් :- ආයුර්වේද බෙහෙත්දුම් ඇල්ලීම 4-6 වරක්විටමින් C 1000g , විටමින් D 3000mg.
Aug 14th – දහ හතර වන දිනය
බොහෝ දුරට සුවයි. සෙම ගතිය තරමක්මදකැස්ස ,මද වෙහෙස ගතියක්.
බෙහෙත් :- ආයුර්වේද බෙහෙත්දුම් ඇල්ලීම 4-6 වරක්විටමින් c 1000g , විටමින් D 3000mg
වෛද්‍යය උපදෙස් තව සතිදෙකක කාලයක්වත් මහන්සී නොවී විවේකිව සිටීම.ශක්තිය වඩවන ආහාර ගැනීමනැවත රෝගය වැලදිය හැකි නිසා වඩා පරිස්සම් වීම.
ඔබත් පරිස්සම්වන්න. පුංචි හෝ රෝග ලක්ෂණයක් පෙන්නුම් කලත් අවධානය යොමු කරන්න.
(ඡායාරූප සහ සටහන ශලනි තාරකාගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගන්නා ලදී)