
හම්බන්තොට ලුණුගම්වෙහෙර ජලාශය ආශ්‍රිතව ඊයේ පෙරවරුවේ සුලු භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ රිච්ටර් මාපාංක ඒකක 2.4 ක් ලෙස එම භූ කම්පනය වාර්තාවී ඇති බවයි.
ඉකුත් අගෝස්තු මස 24 වනදා ද ලුණුගම්වෙහෙර, යාල කළාප අංක 01, සිතුල්පව්ව ආශ්‍රිත ප්‍රදේශවලින් සුලු භූ කම්පනයක් වාර්තා වුණා. සති දෙකක පමණ කාලය ඇතුලත භූ කම්පන සිද්ධීන් දෙකක් වාර්තාවීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල පැවසුවේ.
උපුටා ගැනීම – නෙත් නිව්ස්