දකුණු පළාතේ පාසල් ලබන මස 15 වනදා විවෘත කිරීමට සැලසුම්උණුසුම් පුවත් / By admin දකුණු පළාතේ ළමුන් 200 ට අඩු පාසල් ලබන මස 15 වැනි දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.දකුණු පළාත තුල ළමුන් 200ට අඩුවෙන් සිටින පාසල් 514 ක් තිබෙන අතර මේ දිනවල එම පාසල්වල කොවිඩි මර්ධන කමිටු සක‍්‍රිය කිරීමට කටයුතු කරමින් සිටින බවද පවසයි. එම කටයුතු ලබන මස 06 වැනි දින දක්වා සිදුකරන අතර 06 වැනි දින සිට 15 වැනි දින දක්වා කාලය තුල පාසල් පිරිසිදු කිරිමේ කටයුතු සිදුකරණ බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි.පාසල් පිරිසිදු කිරිම සදහා අදාල බල ප‍්‍රදේශවල පළාත් පාලන ආයතන එකග වී ඇති බවත් සනිපාරක්ෂක ද්‍රව්‍ය පළාත් අමාත්‍යංශය මගින් ලබාදෙන බවද ඒ මහතා පවසයි. Facebook WhatsApp Messenger