
පාසල් නැවත ආරම්භයේදී ප්‍රමුඛතාවය දියයුතු ශ්‍රේණි පිළිබඳව මේ වනවිට සැලසුම් සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන පවසනවා.
ඒ අනුව උසස් පෙළ සිසුන්, සාමාන්‍ය පෙළ සිසුන් සහ ශිෂ්‍යත්ව විභාග සඳහා පෙනී සිටින සිසුන්ට මුලින්ම පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
ඔක්තෝබර් මැද භාගය වනවිට පාසල් නැවත ආරම්භ කිරීමේ සැලැස්මක් ඇති බවත් අඩු ළමුන් සංඛ්‍යාවක් සිටින පාසල් මුලින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.