
රජය මගින් පනවා ඇති පාලන මිල යටතේ සතොස හරහා එක් පුද්ගලයෙකුට ලබාදුන් සිනි ප්‍රමාණය අද සිට කිලෝ පහ දක්වා වැඩිකර තිබේ.
සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා සඳහන් කළේ, මේ දක්වා එක් පුද්ගලයෙකුට ලබාදුන්නේ සීනි ක්‍රිලෝගෑම් 3 ක් පමණක් බවයි.
සීනි ලබාගැනීමට පැමිණෙන ජනතාව පෝළිම්වල සිටින්නට සිදුව ඇත්තේ සෞඛ්‍ය ආරක්ෂිතව සතොස වෙළඳසල් තුළට එකවර 5 දෙනෙකු පමණක් ඇතුළත් කර ගැනීම හේතුවෙන් බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.
පසුගියදා සිනි මිල රුපියල් 200 ට වඩා ඉහළ යෑමෙන් පසු තොග වැටලීම් දිගටම සිදුකළ අතර එම තොග පාලන මිළට සතොස සහ සමූපකාර මඟින් පාරිභෝගිකයන්ට ලබා දෙන බවට රජය සහතික විය.
වැටලීම් සිදු වෙද්දී සීනි කිලෝ 1 බැඟින් ලබා දුන් සතොස පසුව සීනි කිලෝ 3 බැඟින් ලබා දුන්නේ තොග මත පසුව අවශ්‍ය ප්‍රමාණයක් දෙන බවටද සහතික වෙමිනි.
ඒ අනුව අද සිට සීනි කිලෝ 1ක් රුපියල් 122 කට ද රතු සීනි කිලෝවක් රුපියල් 125 ක පාලන මිලක් යටතේ ලබා ගත හැකිය.
මේ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා සඳහන් කළේ, මෙරට පාරිභෝජනයට අවශ්‍ය සීනි තොග ප්‍රමාණවත් තරම් පවතින බවත් අවශ්‍ය තරම් සීනි තොග දිවයින පුරා බෙදා හැර ඇති බවයි.