සාරංගගේ වෙඩින් ඇනවසරියට අම්ම දුන් තෑග්ග

සාරංග දිනක්ෂි පළමු විවාහ සැමරුම අදට යෙදී තිබෙනවා. සාරංග සහ දිනක්ෂ් කියන්නේ කලා ක්ශේත්‍රයේ ඉන්න ආදරණීයම පවුලක්.

දිනක්ෂි මේ මොහොතේ පසුවන්නේ දරු සුව බලාපොරොත්තුවෙන්. ඔවුන්ගේ පළමු මංගල සංවත්සරය අදට යෙදී තිබෙනවා.

සාරංග දිසාසේකර නම් යොවුන් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියාගේ මවත් ශ්‍රී ලංකාවේ නම රැන්දූ කලා ශිල්පිනියන්. ඇය තිලකා රණසිංහ. නම කියූ පමණින් හඬ හඳුනන ඈ තමාගේ පුතනුවන්ගේ සහ දියණියගේ පළමු විවාහ මංගල සැමරුමට මෙසේ ආශීර්ද කර තිබුණා.

ආදර හෝඩිය කියවා
මගේ පුතු මා සැනසූවා
හිරුටත් සඳුටත් නොදෙවෙනි
තරුවක් වී දිදුලනවා

ඉරබටු තරුවක් ලංවී
දිවියට සැනසුම ගෙනදී
නොදැනිම වසරක් ගතවී ….
සිහිනෙන් ගෑ සුවඳක් සේ..
කිරිකැටියෙක් බිහිවේවි…
ටිකිරි සිනා
පැතිරේවි
මහද තුටින් ඉපිලේවි

ආදරණීය අම්මාගේ සුබ පැතු සාරංග තමාගේ නිළ ෆේස් බුක් පිටුවේ බෙදාහැර තිබුණේ මෙවැනි සටහනක් ද තබමින්

තරු දරු කැට බබලන්නේ… පුන්සඳ මව් තුරුලේමයි

අපි ආදරෙයි අම්මේ

ශ්‍රී ලංකාවේ සුවහසක් රසිකයන්ගේ ආදරය දිනූ සාරංග – දිනක්ෂි යුවලට සුබ මංගල සංවත්සරයක් වේවා!!