මමත් හොඳ බූට් කාලා තියෙනවා

කියාදෙන්න ආදරේ තරම්”මේ දවස්වල  ජනප්‍රියම ටෙලි නාට්‍යයක් .මේ නාට්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි දිගැසි කියන්නෙ. මේ සුන්දර  දිගැසි කියන චරිතයට  රංගන දායකත්වය ලබාදෙන්නෙ සචින්තනි කෞශල්‍යා. සචින්තනි මේවෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ නිතීවේදි උපාධිය හදාරන ශිෂ්‍යාවක්.

සහන් රන්වල මහතාගේ ගුරු හරුකම් මැද කලාවට පිවිසි සචී 2017 වසරේ ජාතික රූපවාහිනී අවුරුදු කුමාරිය ලෙසින් කිරුළ පළඳින්නට වාසනාව හිමි කරගත්ත.

අතිශය ජනප්‍රියත්වයට හිමිකම් කියන සචින්තනී දිගැසි ගැන කියන්නේ මේවගේ කතාවක්.

“ඇත්තටම ඔව්. තුන්කොන් ප්‍රේම කතා ඕනි තරම් තියෙන්න පුළුවන්. මම වුනත් විරහව හොදටම විදලා තියෙනවා. සරලවම කියනවනම් බූට් කාලා තියෙනවා ඉතින් ඒ සමහර අත්දැකිම් මට මේ චරිතය සාර්ථක කරගන්න උදව් වෙනවා.”

ආදරණීය දිගැසිට සුබ පතමින් අපි මේ ඡායාරූප පෙළ සමඟ එකතුවෙමු.

Scroll to Top