
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝගාතුරව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍යවල පළවන ඡායාරූප හා විස්තර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි. එතුමාට කොවිඩ් ආසාදිත බවත් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බවත් සමාජ මාධ්‍යවල දිගටම වාර්තා වේ.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සමඟ සමීප ඇසුර නිසා අගමැතිවරයා නිරෝධායනවන බවද ඇතැම් සමාජ මාධ්‍යවල පළව තිබේ.
කෙසේවෙතත් ඒ මහතා සාමාන්‍ය පරිදි තම රාජකාරී කටයුතු සිදුකරමින් සිටින බවද අගමැති මාධ්‍ය ඒකකය තවදුරටත් පවසයි.