දරුවන් පාසල් යාම ම අභියෝගයක්

නැවත පාසල් විවෘත කිරීමෙන් අනතුරුව දෙමාපියන් විසින් දරුවාගෙන් අනවශ්‍ය ලෙස ඉක්මන් අධ්‍යාපන ඉලක්ක බලාපොරොත්තු නොවිය යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, සායනික මනෝ විද්‍යාඥ ලේඛා අත්තිඩිය මහත්මිය ප්‍රකාශ කළාය.වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මාස ගණනක් පාසැල් නොගිය දරුවන් පෙර පැවැති තත්ත්වයට පත් වීමට යම් කිසි කාලයක් ගත වන බවය.
මෙම තත්ත්වය මනාව තේරුම් ගනිමින් දෙමාපියන් කටයුතු කළ යුතු බවත් ඉවසීමෙන් දරුවන් දරුවන්ගේ මානසික මට්ටම තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (15) පැවැති මාධ්‍ය හමුවක් අමතමනින් ඇය සඳහන් කළාය.

නිසි ලෙස සෞඛ්‍යය මාර්ගෝපදේශ පිළිපදිමින්, මුඛ ආවරණ පැළඳගනිමින් යහළු යෙහෙළියන්ගෙන් එකිනෙකා දුරස්ව කටයුතු කිරීම දරුවන්ට අභියෝගයක් බව සඳහන් කළ එතුමිය අධ්‍යාපන ඉලක්ක වෙත යාම පමණක් නොව පාසැල් යාමම අභියෝගයක් බවද ප්‍රකාශ කළාය

මෙම අභියෝගයට මුහුණ දීම සදහා දරුවන්ට දිරිය ලබාදිය යුතු බවත් දෙමාපියන් දරුවන්ට උත්තේජනයක් දිය යුතු බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.