
අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් ඉන් පුරප්පාඩු වන මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත කැටගොඩ මහතා නැවත පත් කරනු ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියා සිටියි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙස ජයන්ත කැටගොඩ මහතා පත් කර සිටියද මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු ඒම සඳහා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය.
මහ බැංකුවේ අධිපති ධුරය භාරගන්නා ලෙස මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රජයෙන් ආරාධනාවක් ලැබී ඇති බව වාර්තා වෙයි.