විදුලි පාරිභෝගිකයින්ට සහනයක්

හිඟ විදුලි බිල්පත් මාස 24 ක් තුළ වාරික ලෙස ගෙවීමේ සහනයක් ලබාදීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, වාරික වශයෙන් ගෙවීමේදී සුළු පොලියක් අය කිරීමට කටයුතු කරන බවයි, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කර සිටියේ.