
කොළඹ නගරතුළ සීඝ්‍රයෙන් කොවිඩ් රෝගය සහ ඉන් සිදුවන මරණ අඩුවී තිබෙන බව කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි. කොළඹ නගරය තුළ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා මේ වන විට ආසාදිතයන්ගේ සහ මරණ වල සැළකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටී.
කොළඹ නගරයෙහි දෛනික ආසාදිතයින් 100 – 140 ත් අතර වාර්තා වුණු අතර මේ වන විට එය ක්‍රමිකව අඩුවෙමින් පවතින බවත් දෛනිකව කොළඹින් වාර්තා වුණු 15 ක් පමණ මරණ සංඛ්‍යාවද හරි අඩකටත් වඩා අඩුවී ඇතැයි හෙතෙම කියයි. කොළඹ නගරය තුළ අවුරුදු 30 ට වඩා වැඩි පිරිසෙන් 86% ක් අවම වශයෙන් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවද, මේ වන විට වාර්තා වන ආසාදිතයන්ගෙන් 55% ක් පමණ මෙම වයස් කාණ්ඩයේ අය බවද ඔහු පවසයි.