දැඩි සත්කාර රෝගීන් අඩකින් පහළට

කොවිඩ් වසංගතය වැළඳීමෙන් දැඩි සත්කාර ඒකකයේ ඇඳන්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 50% කින් පහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

තත්ත්වය එසේවුවද කොවිඩ් වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා ජනතාවගේ සහය තවදුරටත් අවශ්‍ය බව ද සෞඛ්‍ය අංශ දිගින් දිගටම අවධාරණය කරයි.

සංචරණ සීමා සම්බන්ධයෙන් හා දැනට පවතින නීතිරීති පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (15) පැවැත්වෙන කොරෝනා කාර්ය සාධක බලකා රැස්විමේදි සමාලෝචනය කරන බව ද ඔහු සඳහන් කරයි.

මේ වන විට සමාජයේ ඇතැම් සෞඛ්‍ය නීති ක්‍රියාත්මක නොකරන බවට වාර්තා වී ඇති බවත් දිගින් දිගට එසේ වූවහොත් නැවතත් අවධානම් තත්ත්වයකට රට පත්විය හැකි බව ද ඔහු සඳහන් කරයි.

නිරතුරුවම සෞඛ්‍ය නීති රකිමින් කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදු කරයි.