ජංගම වෛද්‍ය රසායනාගාර 5ක් පැත්තකට දාලා – රවී කුමුදේශ්

ඉතා කෙටි කාලයකින් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලබා දියහැකි ජංගම වෛද්‍ය රසායනාගාර 5ක්, පරිත්‍යාග ලෙස ලැබී තිබියදී මාස 5ක් තිස්සේ ඒ පිළිබද තීරණයක් නොගැනීම පී.සී.ආර්. පරීක්ෂණ හරහා ජනතාව සූරා කෑමට මගපාදා ඇති බව වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ රවී කුමුදේශ් මහතා චෝදනා කරයි. ජනාධිපතිවරයා රැපිඩ් පී.සී.ආර්. යන්ත්‍ර සඳහා අනුමැතිය දී මාස පහක් ගතවී තිබුණ ද ටෙන්ඩර මණ්ඩල තීරණය ප්‍රමාද කරමින්, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැති යන්ත්‍රයක් ගෙන්වීමට දෑරූ උත්සාහය අසාර්ථක වුවහොත්, අදාල ටෙන්ඩරය අවලංගු කිරීමට සෞඛ්‍ය බලධාරීන් උත්සාහ කරමින් සිටින බවට සැකයක් මතුවී ඇතැයි ද ඒ මහතා පැවසීය.

පෞද්ගලික රසායනාගාර වල අනියම් වෘත්තිකයින් ලෙස ක්‍රියා කරමින් සිටින කිහිප දෙනකු සමග පමණක් සාකච්ඡා කරමින් ගනු ලබන වැරදි තීරණ අරක්ෂා කිරීම වෙනුවට, අවම වශයෙන් රසායනාගාර සේවාවේ සියළු පාර්ශවකරුවන් එකම එක සාක්ච්ඡාවකට හෝ කැදවා නිවැරදි තොරතුරු පිළිබදව දැනුවත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.