කඩයිම් විභාග පැවැත්වීමට සිසුන්ට එන්නත් ලබාදිය යුතුයි – රවී කුමුදේශ්

උසස් පෙළ, සාමාන්‍ය පෙළ විශ්ව විද්‍යාල අවසන් වසර විභාග වැනි කඩයිම් විභාග පැවැත්වීම සඳහා අදාළ සිසුන්ට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර පසුව ඔවුන්ට අදාළ විභාග පැවැත්වීමට පියවර ගතයුතු බව​ට වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසා සිටියි. 

වෙනත් රටවල් ගණනාවක ප්‍රධාන විභාග පැවැත්වීම වෙනුවෙන් සිසුන් එන්නත්කරණයට ලක්කිරීමේ ක්‍රමවේදයන් ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

“අපි සැලසුම් කරනවා නම් තව මාස 6 කින්වත් මේ අවසාන කඩයිම් විභාග ටික තියන්න. මේ වෙලාවේ අපි කරන්න අවශ්‍ය උසස් පෙළ, සමාන්‍ය පෙළ සහ විශ්වවිද්‍යාල අවසන් වසරේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටවත් ෆයිසර් වැනි එන්නතක් ලබාදෙන එක. බොහෝ රටවල අද වෙනකොට පාසල් සුරක්ෂිත කරගනිමින් අධ්‍යාපනය ලබා දෙනවා. එහෙම නැත්නම් ඔන්ලයින් අධ්‍යාපනය ඉතා විදිමත්ව ලබා දෙනවා. අපේ රටේ දෙකම කරන්නේ නෑ හරි විදියට. ඒක නිසා පාසල් ආරම්භ කරන එක අදටත් විවාදාත්මක මට්ටමක තියෙන්නේ.”