- අද දිනය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 4612 දෙනෙකු හදුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.
- කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 192ක් ඊයේ දිනයට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ අනුව සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ සංඛ්‍යාව 8775 දක්වා ඉහළ යයි.
- කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,204 දෙනෙකු අද දිනයේ පිටව යයි.
- කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති මෙරට පුද්ගලයින් ගණන මිලියන 7 ඉක්මවා යයි.
- ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 718 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
- කාබුල් ගුවන් තොටුපල අසළ විශාල පිපිරීමක් පිළිබඳ වාර්තා පළ වේ.
- ලබන බදාදා සිට සීනි රුපියල් 130 මිලට සතොස මඟින් ලබාදිමට තීරණය වේ.