රන්ජන් හෙට නිදහස්?

හෙට සිරකරුවන්ගේ ජාතික දිනයයි. හෙට දිනයේ ශ්‍රී ලංකාවේ විශේෂිත නිදහස් කිරීම් කිහිපයක් සිදුවනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

සිරකරුවන්ගේ ජාතික දිනය දා සිරදඬුවම් ලබා සිටින, කලාකරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව හිමි වෙතැයි අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ.

“සිරකරුවන්ගේ ජාතික දිනය සැප්තැම්බර් 12 වැනිදාට යෙදී තිබේ. එදිනට ජනතාවාදී කලාකරුවකු මෙන්ම, ජනහිතකාමී දේශපාලනඥයකු ද වන අප හිතවත් රංජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස ලබනු ඇතැයි මා අපේක්ෂා කරමි. ඒ පිළිබඳව ජනාධිපතිතුමන්ගේ අවධානය යොමුවෙතැයි සිතමි.” යනුවෙන් ඔහු සඳහන් කරයි. එමෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ද රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
මේ සියලු කරුණු සලකා බලා ඔහුට නිදහස හිමිවෙතැයි අනාවැකි පළවේ.