
රංගි රාජපක්ෂ කියන්නේ සිඳු, මැටි කඩුළු ඇතුළු ටෙලි නාට්‍ය කීපයකින්ම අපට හමුවන ටිකක් වෙනස් තාලයෙ නිළියක්. තමාට ලබාදෙන ඕනෑම අභියෝගයක් සාර්ථකව ජය ගන්න රංගී නිළියකට අමතරව ව්‍යාපාරික කාන්තාවක්ද වෙනවා. සිඳූ ටෙලි නාට්‍යයේ ගුරුතුමිය ලෙස ඉහළ ප්‍රතිචාර ලබන රංගී මීට පෙර අපට හමුවුණේ බස් එකේ ඉස්කෝලේ ටෙලිනාට්‍යයෙන්. මෝස්තර නිරූපණ ශිල්ප්නියක් විදියට ක්ශේත්‍රයට එන රංගි අපට මුලින්ම හමුවුණේ රාවණා ටෙලිනාට්‍යයෙන්. රංගනයේ දිගු ගමනක් යන්න සැලසුම් කරන ඇය ලබන වසරේ මැද විවාහ ගිවිසගන්නටත් නියමිත බව ආරංචියි. “මට ඕන චරිතයක් කරන්න පුළුවන්. හැම චරිතයක්ම මම ආසාවෙන් භාර ගන්නවා. මැටි කඩුළු මට එහෙම ලැබුණු වෙනස්ම චරිතයක්. කකුල්වල දියපට්ටා එනකල් මම ඇවිද්දා, ඕනම දෙයක් මට හුරුයි.”
ඇය සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පසුගියදා කියා සිටියා.