රමිත් රඹුක්වැල්ල 30 වන උපන්දිනය ජයටම සමරපු හැටි

ලංකාවේ ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් විතරක්ම නෙවෙයි, අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඒ තරම්ම ක්‍රිකට් වලට ආදරෙයි. පසුගිය කාලයේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම එක දිගටම ක්‍රිකට් තරඟ පරාජය වුනා. ඒ කාලයේ ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හිටියේ ගොඩක් දුකෙන්. කොහොම වුනත් පුහුණුකරුවන්ගේ වෙනස්වීම සහ ක්‍රීඩකයන්ගේ වෙනස්වීමත් සමග ක්‍රිකට් තරඟ කිහිපයක් ජයගන්න අපේ ක්‍රිකට් කණ්ඩායමට හැකි වුනා. ඉතින් අපි අද කතා කරන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ද වෙලා ඉඳලා මේ වනවිට විදේශ රටක පදිංචිව සිටින ලංකාවේ ප්‍රබල කැබිනට් අමාත්‍ය වරයෙක්ගේ පුතෙක් වන රමිත් රඹුක්වැල්ල පිළිබඳයි.

1991 වසරේ සැප්තැම්බර් මස 08වන දින උපන් රමිත් රඹුක්වැල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල දක්ෂ වමත් පිතිකරුවෙක්. ඒ වගේම රමිත් රඹුක්වැල්ල ක්‍රීඩා පිටියේදී හඳුන්වන්නේ ‘රමියා’ කියන නාමයෙන්. ඒ වගේම තමයි රමිත් ප්‍රහාරාත්මක පිතිකරුවෙක් විදියටත් හඳුන්වන්න පුළුවන්. කොහොම වුනත් රමිත් මේ වනවිට ලංකාවේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ නෑ. රමිත් විවාහ වෙන්නේ ඇමරිකාවේ පදිංචිව සිටින ලාංකික තරුණියක් වන නටාලි ෂෙනාලි සමග. ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ඉතා චාම් අයුරින් පැවැත්වුනා. මේ වනවිට නටාලි සහ රමිත් පුංචි දියණියකගේ දෙමාපියන්. කොහොම වුනත් රමිත්ගේ 30වන උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුනා ඉතින් ඔහු පුංචි දියණිය සහ ආදරණිය බිරිඳ සමග උපන්දිනය සමරපු ආකාරය තමයි මේ.