කාබුල් බැංකු අසල මීටර් සිය ගණන් පෝලිම්

මේවනවිට කාබුල් නගරයේ බැංකු විවෘත කොට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා. RT වාර්තාකරු මුරාද් ගස්දියේෆ් පවසන්නේ ඇතැම් ස්ථානවල මීටර් සිය ගණන් දිග පෝලිම් ඇති බවයි. මේ අතර තලේබාන් සංවිධානය විසින් සතියකට පුද්ගලයකුට ආපසු ලබාගත හැකි මුදල් පිළිබඳ සීමාව ඇමරිකන් ඩොලර් 200ක අගයක් පමණ වන බවට කොන්දේසි පනවා තිබෙනවා.