පුවත නිවැරදි නොකලොත් නඩු දානවා – පුෂ්පිකාගෙන් ලිපියක්

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සමඟ වැලිකඩ බන්ධනාගාරය තුළට තමන් ගිය බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ වන පුෂ්පිකා ද සිල්වා පවසනවා.

දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවිර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇය පවසා සිටින්නේ සැප්තැම්බර් 14 වන දා පුවත් විකාශයේ දී තමන් එසේ බන්ධනාගාරය වෙත ගිය බවට හැඟෙන ලෙස වාර්තා කිරීමක් සිදුකර ඇති බවයි.

එහිදී තමාගේ ඡායාරූපයක්ද භාවිතා කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සමග වැලිකඩ බන්ධනාගාරයට ගිය විවාහක රූ රැජිණ යැයි එහිදී පැවසු බවත් ඇය මේ ලිපියෙන් පෙන්වා දෙනවා .

අදාළ සිද්ධියට තමා කිසිසේත් සම්බන්ධ නැති බවත් දෙරණ සියලුම පුවත් විකාශ හරහා තමා නිවැරදි කළ යුතු බවත් එසේ නොවන්නේ නම් එම නාලිකාවට එරෙහි නඩු මාර්ගයෙන් කටයුතු කිරීමට නීතිඥවරුන් දැනුවත් කරන බවත් ඇය අවධාරණය කර සිටිනවා.

Scroll to Top