
මෙම මස 21 වැනිදා, නිව්යෝර්ක්හී දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය වේ.
තම පෞද්ගලික ප්‍රතිපත්තිය සහ රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සංචාරය සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර ඒ අනුව අයෝමා රාජපක්ෂ මහත්මිය මෙම සංචාරයට එක්වන්නේ සිය පෞද්ගලික වියදමින් බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
විදේශ අමාත්‍ය මහාචර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපති සමග සංචාරයට එක් වෙති.