ගැබිණි සමය ප්‍රමාද කරන්න කියන්නේ ඇයි?

හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්නැයි විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ශ්‍රී ලාංකේය මවුවරුන්ගෙන් කළ ඉල්ලීම පිළිබඳ මේවනවිට සමාජ මාධ්‍ය හරහා විවිධ කතා බහ ඇතිවී තිබේ. සමාජ මාධ්‍ය විවිධ පෝස්ටු සකසමින් එය හාස්‍යට  භාජනයකොට තිබේ.එසේ හාස්‍යට භාජනය වන මෙම කරුණ පිටුපස ඇති සත්‍ය වෛද්‍ය මතය පිළිබඳ නොදන්නා මොවුන් එක් කොණකින් අල්ලා ගනිමින් විවිධ ප්‍රචාර රැගෙන යයි.

මේ පිළිබඳ වෛද්‍ය මතය හර්ෂ අතපත්තු මහතා පහදමින් කියා සිටියේ, ගර්භණී සමයේ කොවිඩ් හැදුනොත් අධි අවදානම් බවත කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් මෙම දැනුම්වත් කිරීම සිදු කළ බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (08) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් වෛද්‍යවරයා මේ බව කියා සිටියේය. වසරක කාලයක් යනු වෛද්‍ය විද්‍යාවේ විශාල කාලයක් බැවින්, ඒ වන විට ඉතා හොද වැක්ෂින් වර්ග පැමිණීමට හැකි බවද ඔහු පෙන්වා දෙයි.