ප්‍රභූ මගේ යාලුවෙක් විතරයි – නාඩගම්කාරයෝ ගීතිකා කියන කතාව

ශෂිකා නිසංසලා ජයසුමනගේ “චන්ද්‍රා පායන්න ගංඟා බැස යන්න” කියන ගීතයට නර්තනයක් ඉදිරිපත් කරමින් ඉමහත් ජනප්‍රියත්වයට පත්වුණ ඇය දැන් රටම හඳුනන රංගන ශිල්පිනියක්. ඒ ගීතයට කළ ආකර්ෂණීය රංගනය ඇය කලා ලෝකයේ බොහෝ දුර ගෙන යන්නට සමත්වුණා. එප්පාවල උපන් ඇය රංගනයට පිවිසෙන්නේ ඒ නර්තනයේ තිබුණු සුවිශේෂී අලංකාරය නිසාමයි.

ඇය ප්‍රවීණා කල්පනී දිසානායක කල්පනාගේ  ගමනේ කතාව මෙහෙමයි.

ඇගේ  නර්ථන විඩියෝව දැකපු සංගීත් ප්‍රභූ නාඩගම්කාරයෝ නාට්‍යයේ අධ්‍යක්ෂකතුමන්ට ඇය ගැන පවසල තිබෙනවා. ඉන් පස්සෙ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකතුමා සහ නාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රම මහත්මයා සහ කළ තිර පරීක්ෂණයකට ඉදිරිපත්වීමට අවස්ථාව ඇයට ලැබුණා. ඊට පසුවයි නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රංගනය සඳහා ඇයට අවස්ථාව ලැබුණේ.

සතියේ දින පහේම රාත්‍රි 9.30 ට ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ ගීතිකා ලෙසින් ඇය දැන් ජනප්‍රියත්වයට පත්වෙන්නේ එහෙමයි.

මේ ජනප්‍රියත්වයත් එක්ක ඇය සහ යොවුන් නළු සංගීත් ප්‍රභූ අතර ප්‍රේම සබඳතාවක් ඇති බවටත් කට කතා පැතිරුණා. ඒ කතාවට ඈ පිළිතුරු දී තිබුණේ.

නෑ… එහෙම සම්බන්ධයක් අපි අතර නෑ. අපි දෙන්නා නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රඟපානවා පෙම්වතුන් ලෙස එච්චරයි.

මෙසේ නාඩගම්කාරයෝ හරහා ජනප්‍රියත්වයට පත්වුණ ප්‍රවීණා ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක් සඳහා එක්වීමට නියමිත බවයි අපට සැලවෙන්නෙ.