
පූජනී භාහ්‍යා කියන්නේ කෙටි කලකින් ජනප්‍රිය වෙච්චි ටෙලි තාරකාවක්.විසි දෙහැවිරිදි පූජානි තමාට ලැබුණු චරිතවලට කළ සාධාරණය ඇය මෙතරම් ජනප්‍රිය වීමට හේතුවුණා.
දරුවනේ චිත්‍රපටයේ ළමා චරිතයකින් ක්ශේත්‍රයට පැමිණි ඇය සිරිවාසල නාට්‍යයේ ප්‍රධාන ළමා චරිතය විදියට අපට හමුවුණා.
ඉන් පසුව කොන් කළ දෝණි, ආදර ගීතය, අහිමි, මංසල වැනි නාට්‍යවල රඟපෑ පූජනී හදවිල අරණ හරහා ත් රසිකයන්ට මතකයි.
මේ දිනවල රේස් හරහා ජනප්‍රිය ඇය කලක් ගයන් ගුණවර්ධන සමඟ කළ ඡායාරූප එකතුව කළක් මාධ්‍ය තුළ කතා බහට ලක්වුණා.
ඇය ගයාන් ගැන කියන්නේ මේ වගේ කතාවක්
ගයාන් අයියයි, මමයි 2019 හුස්මක් තරමට නාට්‍යයේ ඉඳන් එකට රඟපානවා. ගොඩක් වැඩ වල දි අපි දෙන්නා හම්බවෙන ප්‍රමාණය වැඩියි. ලොකුම දේ වුණේ 2020 වැලන්ටයින් දිනය දා අපි දෙන්න කරපු මංගල ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යට නිකුත් වීමත් සමග අපි දෙන්නා විවාහ වෙලා කියලා කතාවක් පැතිර යාමයි. ඊට පස්සෙත් අපි අයෙත් එවැනි මංගල ඡායාරූප පෙළක් කළා. මෑත කාලයේ ගයාන් අයියගේ මියුසික් වීඩියෝ එකෙත් අපි දෙන්නමයි ඉන්නේ. මේ කාරණා නිසා ගොඩක් අය තවමත් හිතාගෙන ඉන්නෙ අපි දෙන්නා විවාහ වෙලා කියලා. කොහේ හරි ගියාම සමහරු හස්බන්ඩ් කෝ කියලා අහනවා. ඇත්තටම අපි අතර පෙම් සබඳතාවක් නැහැ
රංගන ලොවේ දිගු සුන්දර ගමනක් යන පූජනීට සුබ පතමින් මේ ඡායාරූප පෙළ එක් කරනවා.