අජිත් රෝහණ වෙනුවට නිහාල් තල්දූව එයි

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පත්කර තිබේ.


ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසත්, පොලිස් මූලස්ථාන අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කර ඇති ඔහු අත්දැකීම් බහුළ නිලධාරියෙකි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එම තනතුරින් ඉවත්කොට මෙම නව තනතුර ලබාදී තිබේ.
මෙම පත්වීම පිළිබඳ ප්‍රකාශ කරන ලද්දේද අජිත් රෝහණ මහතා විසිනි.