රටතුල ප්‍රචන්ඩකාරී තත්වයක් ඇතිකල පොලිස්පති ගැන ආරක්ශක අංශතුලම නොසන්සුන් තත්වයක්…

පොලිස් සාමාජිකයන්ගේ සහය අරගලකරුවන්ට ලැබේදැයි සැකයක්..

ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීම සදහා පැමිනි පිරිස නතරකිරීම සිදු සදහා පොලිසිය මැදිහත්කිරීම අවසන් මොහොතේ වැලැක්වූයේ පොලිස්පති නියෝගයකින්!!

ඒ අවසන් මොහොතේ එම ස්තානයේසිටි ජේශ්ඨ පොලිස් අදිකාරීවරයාට පොලිස්පතිවරයා විසින් පුද්ගලිකවම ලබාදුන් දුරකතන ඇමතුමකින්.
ඒ මොහොතේ එහි සිටි අනිකුත් පොලිස් නිලධාරීන් එම නියෝගය පිළිබඳ වික්ශිප්ත වී ඇති අතර රට තුල මෙවන් බරපතල අරාජික තත්වයක් ඇතිවූයේ එම දුරකතන ඇමතුමෙන් ලබාදුන් නියෝගය නිසා බව ආරක්ශක අංශ සාමාජිකයන් අතර බරපතල ලෙස කතාබහක් ඇතිවී ඇත.

මෙය කාගේ උවමනාවට සිදු වූවාදැයි නොදන්නා නමුත් ඒ මගින් ආන්ඩුව මේ වනවිට බරපතල අපහසුතාවයට පත්වී සිටින නිසා පොලිස්පතිට බරපතල විරෝදයක් මේ වනවිට ආන්ඩුව තුලින්ම එල්ල වී ඇත. එසේම මෙතෙක් ආරක්ශක අංශ සහ ජනතාව අතර තිබූ අවම විශ්වාසයත් මෙමගින් පලුදු වී ඇති නිසා ඔවුන්ගේ බරපතල විරෝදයක් පොලිස්පති වෙත එල්ල වී ඇති අතර, මේ නිසා ඔවුන්ව ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙන පිරිසව පාලනය කිරීම සදහා යෙදවීමට පොලිස්පතිවරයාට මේවනතෙක් හැකියාවක් ලැබී නැතිබව සදහන්‍ ය.
මේ නිසාම මේ වනවිට රටපුරා අරගල කරුවන් හා සාමාන්‍ය ජනතාව නීතිය අතටගත් ආකාරයකින් හැසිරෙන බව පොලිස් සාමාජිකයන්ගේ විශ්වාසයයි. මේ නිසාම අරගල කරුවන්වෙත පොලිස් සාමාජිකයන්ගේ සහාය හිමිවීමටද ඉඩක් ඇතැයිද ආන්ඩුවේ ඉහලපෙලෙ තුල බරපතල සැකයක් ඇතිව තිබේ…