
වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
අද පැවති කොව්ඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
වයස අවුරුදු 20-29 වයස් කාණ්ඩයේ එන්නතකරණය ඉදිරි සති දෙකක කාලය ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.