අගෝස්තු මාසයට අදාළ ගොවි විශ්‍රාම වැටුප් හා අනෙකුත් මහජන දීමනා ගෙවීම අද සහ හෙට

කොවිඩ් තත්ත්වය යටතේ තැපැල් හා උප තැපැල් කාර්යාල වසා තැබීම නිසා මෙතෙක් ගෙවීමට ඉතිරිවී ඇති අගෝස්තු මාසයට අදාළ ගොවි විශ්‍රාම වැටුප් හා අනෙකුත් මහජන දීමනා ගෙවීම අද සහ හෙට ක්‍රියාත්මක වන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

දීමනා ලාභීන්ට නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අදාළ තැපැල් කාර්යාලයට හෝ උප තැපැල් කාර්යාලයට පැමිණ එම දීමනා ලබාගත හැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටී.