හදිසි පක්ෂ නායක රැස්වීමක් අද

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබදව තීරණය කිරීම සදහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දින පෙ.ව. 11 පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් පරිදි මෙම රැස්වීම කැදවා ඇති අතර මැති ඇමතිවරුන් කීප දෙනෙකු සහ පාර්ලිමේන්තුවේ රාජකාරි කරන්නන් කීප දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනීමත් නිසා ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් පිලිබදව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව පැවසේ.

මීට පෙර පක්ෂ නායක රැස්වීමේදී හෙට සිට ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර තිබුණි.