
පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වනවා. කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අද දිනයට පමණක් සීමා කිරීමටයි ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණේ. ඒ අනුව කොරෝනා වෛරස තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අද දිනයේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුව පෙරවරු 10 ට රැස්වන අතර පෙරවරු 11 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර තිබෙනවා. අද පස්වරුවේ තවත් පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. අනතුරුව ලබන සැප්තැම්බර් මස 6 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමටයි ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණේ.
කොරෝනා වසංගත තත්ත්වය මත පාර්ලිමේන්තුව සැලසුම් කළ අයුරින් රැස්වීමට නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ දැනට පවතින වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්න සදහා සැප්තැම්බර් මස 6 වනදා වෙන්කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
උපුටා ගැනීම – පාර්ලිමේන්තු පුවත්