පැරාලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමට කාර්ය බහුල දිනයක්

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ අද දිනය ශ්‍රී ලංකා කණ්ඩායමට කාර්ය බහුල දිනයක්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම කාන්තා නියෝජනය වන කුමුදු දිසානායක මේ වන විට කාන්තා දුර පැනීම අවසන් තරගයට තරග වදිනවා. 

මේ අතර පිරිමි මීටර් 400 T47 ඛාණ්ඩයේ මූලික වටයේ දෙවන තරගයට සමන් මදුරංග සුබසිංහ සහභාගි වීමට නියමිතයි. 

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 7.15 ට ආරම්භ වනවා.

මූලික වටයේ තරගවලින් පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනාගන්නා ක්‍රීඩකයන් සහ හොඳම තරග නිමි කාලය හිමි ක්‍රීඩකයන් දෙදෙනෙක් එම ඉසව්වේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගනු ඇති.

Scroll to Top