තවත් ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් අද

තවත් ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් අද ටෝකියෝ පැරාඔලිම්පික් තරග බිමට පිවිසෙනවා. 

කුමුදු ප්‍රියංකා සහභාගි වන ටී 47 කාණ්ඩයේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගය අද පෙරවරුවේ පැවැත්විමට නියමිතයි.  

ඊයේ රන් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 45 වන ස්ථානයට පත්විය.

මේ අතර චීනය රන් පදක්කම් 54 ක් සමඟ පදක්කම් සටහනේ ඉහළින්ම සිය ආධිපත්‍යය තහවුරු කරගෙන තිබේ.