ටෝකියෝ පැරාලිම්පික් උළෙල අද

ලොව පුරා පැතිරී ගිය කොරෝනා වසංගත තත්ත්වයත් සමග කල් දැමුණු ටෝකියෝ පැරාලිම්පික් උළෙල අද ආරම්භ වනවා.

ලබන මස 05 වැනිදා දක්වා එය පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු මෙවර තරගාවලිය සඳහා සහභාගීවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස හෙල්ල වීසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් කටයුතු කරනවා.

ඔහු වසර 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී හෙල්ල වීසි කිරීම පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද දිනාගනු ලැබුවා.

ඔහුට අමතරව දුනු විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාර, හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් ලෙස සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි, මළල ක්‍රීඩිකා කුමුදු ප්‍රියංකා, යගුලිය වීසි කිරීමේ ඉසව්වට සමන් සුබසිංහ, රුවල් ඔරු ක්‍රීඩාව වෙනුවෙන් මහේෂ් ජයකොඩි සහ රෝද පුටු ටෙනිස් ඉසව්ව වෙනුවෙන් ඩී.එස්. ධර්මසේන ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇති.

උපුටා ගැනීම – www.newsi.lk