
කාලෙන් කාලෙට එක එක මාතෘකා නිසා සමාජ මාධ්‍ය උණුසුම් වෙනවා.මේ වෙනකොට පහන්තුඩාව ඇල්ල ගැන සමාජ මාධ්‍යයේ විශාල කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේකට හේතුව තමයි පහන්තුඩාව ඇල්ල අසල තරුණ යුවළක් විසින් කළ අසැබි වීඩියෝවක් සමාජ ගත වීම. “පයින් පැමිණ කරින් නොයමු” ලෙස පහන්තුඩාව ඇල්ල අසල ගලක ලියූ පාඨය මෙම අසැබි වීඩියෝවේ දක්නට ලැබෙනවා. මේ හේතුව නිසාම පහන්තුඩාව ඇල්ල එක් රැයකින් ඉමහත් ජනප්‍රියත්වයට පත්වුණා.
කොවිඩ් වසංගත සමය නොවන්නට අද මේ මොහොතවනවිට පහන්තුඩාව ඇල්ල සෙනගින් පිරී යන්නටත් ඉඩ තිබුණා. විශාල වශයෙන් සමාජ මාධ්‍යවල කතාබහට ලක්වන පහන්තුඩාව ඇල්ල පිහිටා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල් ඔය. අද අපි කියන්නේ මේදිනවල වැඩිපුරම කතාවෙන දිය ඇල්ල පහන්තුඩාව ගැන.
පිහිටීම
රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල් ඔය
ගමන් මාර්ගය
කොළඹ – බදුල්ල මාර්ගයේ 155 වැනි කණුව අසල ඇති බෙලිහුල්ඔය තානායම අසලින් ඇති වම් අත පැත්තේ පාරෙන් 2KM පමණ යා යුතුය.
පහන්තුඩාව ඇල්ල ගමන පටන් ගන්නේ හාවාගල කඳු මුදුනින්. මේක ගොඩක් උස දිය ඇල්ලක් නම් නෙවෙයි. මේ සුන්දරීට පහන්තුඩාව කියන නම ලැබෙන්නේත් එහි ස්වභාවික පිහිටීම නිසාම යි. දිය ඇල්ලේ වතුර වැටෙන ජල තටාකය පහනක හැඩයෙන් යුක්තයි. එම ජල තටාකයට දිය ඇල්ලෙන් වතුර වැටෙන්නේ පහනක තිරයක ආකාරයට. ඒ නිසාම මෙය පහන් තුඩාව ඇල්ල යනුවෙන් ව්‍යවහාරවෙලා තියෙනවා.
වැසි සමයේදී ලැසි ගමනින් ඇද හැලෙන දිය ඇල්ල වැස්ස අඩු කලදී නිහඩව ඉදිරියට යමින් බෙලිහුල් ඔයෙන් සමනල වැවට වැටෙනවා. එක ළඟ තියෙන ගිරි මුදුන් දෙකක් යා වෙලා හැදුණ නිම්නයකට භූ විද්‍යාත්මකව Canyon කියල කියනවා.පිටරට ෆිල්ම්වල තියෙන මේවගේ තැන් දැන් ඔබට මතක ඇති. අන්න ඒ වගේ තැනක් තමයි මේ. පහන්තුඩා ඇල්ල ගලන Canyon එක තනිකර ම නිර්මාණය වෙලා තියෙන්නෙ ගල් පර්වත දෙකකින්. ඒ මැදින් ඇල්ල ගලාගෙන යන විදිය නම් අපූරුයි.
කොළඹ-බදුල්ල මාර්ගයේ 155 වෙනි කිලෝමීටර කණුව අසල හමුවන බෙලිහුල් ඔය තානායම ළඟින් තමා ඇල්ලට යන්න තියෙන්නෙ එතනින් වම් පැත්තට ළඳුයාය පාරේ කිලෝමීටර දෙකක් විතර ගියාම දකින්න ලැබෙනවා පුද්ගලික විදුලි බලාගාරයක්. එතනින් පහළට බැස්ස ම දකින්න ලැබෙන්නේ පහන්තුඩාවෙන් ගලන දිය පාර. ඇල්ල බලන්න නම් ඒ දිය පාර දිගේ තවත් මීටර 300ක් විතර යන්න වෙනවා.
මේ දිය ඇල්ල ගැන කතාන්දර ගොඩක් තියෙනවා. පවුල් අවුලක් නිසා මෙතනින් මනුස්සයෙක් පැනල දිවි අහිමි කරගත්ත කතාවක් ගම්මු කියනවා.
මේ ජල පාර ගිහිං එකතුවෙන්නෙ සමනළ වැවට. මේ තටාකයේ අධික ගැඹුරක් පවතින බවත් එහි පතුළ සොයා ගැනීමට පවා නොහැකි බවත් ගම්මුන් කියනවා. අධික වර්ෂාවන් සහිත අවස්ථාවලදී දිය ඇල්ලට ඉහළ ප්‍රදේශයන්හි ජල මට්ටම වැඩි වන විට විනාඩි 10ත් 15 ත් අතර කාලය තුල මෙම ස්ථානයේ ජල මට්ටම එකවරම වැඩිවෙන නිසා දිය නෑම අවධානම් සහගතයි.
කොහොමවෙතත් අද වෙද්දී මේ දිය ඇල්ල ගැන කතාවෙන්නේ මේ අසැබි වීඩියෝව නිසා.ශ්‍රී ලංකාවේ අසැබි වීඩියෝ නිශ්පාදනය තහනම් වුණත් ජාත්‍යන්තර පෝන් නාළිකා සඳහා ශ්‍රී ලංකාවේ බිහෝදෙනා මෙවැනි වීඩියෝ නිර්මාණය කරනවා. මේ පෙම්වතුන් තමන්ගේ චාරිකාවක් අතර ලබන ලිංගික සතුට මෙසේ රූහත කර අන්තර්ජාතික පෝන් අඩවියකට උඩුගත කර එහෙමත් නැත්නම් අප්ඩේට් කර තිබුණා. ඔවුන් මීට පෙරත් මීමුරේ ප්‍රදේශයේ රූගත කළ එවැනි වීඩියෝවක් මේදිනවල සංසරණය වෙනවා.
සෙනඟ ගැවසෙන පරිසරයක මෙවැනි වීඩියෝවක් රූගත කළේ කොහොමද කියන ප්‍රශ්නයට බොහෝදෙනා මැදිවෙලා ඉන්න බවක් අද වනවිට දකින්නට පුළුවන්.
ඒ කෙසේ නමුත් බොහොදෙනා නොදැන උන්නු පහන්තුඩාව ඇල්ල මේ සිද්ධිය එක්ක හිතාගන්න බැරි විදියට සමාජ ගතවුණා.
ඒ නිසාම කොවිඩ් රෝගය පහව ගොස් ලැබෙන සැනසිලිදායක කාලයේ පහන්තුඩාව ඇල්ලටනම් විවේකයක් ලැබෙන එකක් නෑ.