රටක් කැළඹූ පහන්තුඩාව වීඩියෝවේ යුවලට අධිකරණයෙන් දුන් දඬුවම

බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයට එක්කල හේතුවෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන අධි චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ යුවලට මාස 3ක සිරදඩුවමක් අධිකරණය විසින් නියම කර තිබේ.

ඔවුන් දෙදෙනා එම වරද පිළිගත් හේතුවෙන් රුපියල් 10800ක දඩයක් සහ මාස තුනක සිර දඬුවම් නියම කර එය වසර 07කට අත්හිටුවීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් සහ මහරගම ප්‍රදේශයේ 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට මෙම දඬුවම නියම කර තිබේ.

Scroll to Top