පහන්තුඩාවේ කෙල්ලයි කොල්ලයි මාට්ටුවුණු හැටි

පසුගිය දිනවලදී මහත් ආන්දෝලනයට තුඩු දුන් පහන්තුඩාවේ අසභ්‍ය වීඩියෝ දර්ශනයේ සිටින යුවල මීට සුළු වේලාවකට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාලා විමර්ශණ ඒකකය විසින් මෙම යුවල අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අසභ්‍ය දර්ශනවල රගපා ඇති තරුණිය විසි පස් හැවිරිදි අයෙකි. ඇල්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය පන්නිපිටිය ප‍්‍රදේශයේ තාවකාලිකව නවාතැන්ගෙන සිට තිබේ.

එම අසභ්‍ය වීඩියෝවේ සිටින තරුණයාද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තිස් හතර හැවිරිදි අයෙකි. ඔහු මහරගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි

අසභ්‍ය වීඩියෝ පට නිෂ්පාදනය කිරීමේ චෝදනාව මත මෙසේ මෙම යුවල අත්අඩංගුවට ගෙන ඇත.

Scroll to Top