සා.පෙළ ප්‍රතිඵල නිකුත් කරන්න යෝජනා තුනක්

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් සෞන්දර්ය විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වීම නිසා මේවනවිට පසුගිය මාර්තු මස පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් උද්ගතව තිබෙනවා.ඒ සඳහා විසඳුමක් ලෙස විභාග දෙපාර්තමේන්තුව යෝජනා තුනක් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙනවා.

  1.  ඉන් පළමු යෝජනාව වන්නේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකිව ඇති සෞන්දර්ය විෂයන් හැර සෙසු විෂයන්වල ප්‍රතිඵල නිකුත් කිරීමයි.
  2.  දෙවැන්න සෞන්දර්ය විෂයන් සඳහා පාසල් පාදක ඇගයීම් ලකුණු ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රතිඵල ලෙස සලකා ප්‍රතිඵල නිකුත් කිරීමයි.
  3.  තෙවැනි යෝජනාව වන්නේ සෞන්දර්ය විෂයන් සඳහා න්‍යායික ප්‍රශ්න පත්‍රයට පෙනී සිටිමින් සිසුන් ලබා ගත් ලකුණු මත පදනම්ව ප්‍රතිඵල නිකුත් කිරීමයි.

මෙවර සපෙළ විභාගය සඳහා සිසුන් හයලක්ෂයකට අධික සංඛ්‍යාවක් පෙනී සිටි අතර ඉන් එක්ලක්ෂ හැටනව දහසක් පමණ සෞන්දර්ය විෂයයන් සඳහා පෙනී සිටි අයයි මෙම යෝජනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් තීරණයක් ගෙන නොමැතිබවයි වාර්තා වෙන්නෙ.