අත්‍යවශ්‍ය සේවා යටතේ අරක්කු ඔන්ලයින් විකුණයි

අත්‍යවශ්‍ය සේවා යටතේ සිදුකරන තොග වෙළඳාමට මුවා වී මාර්ගගත ක්‍රමයට අරක්කු වැඩි මිලට විකිණීමේ ජාවාරමක් පොලිසිය විසින් වටලා තිබේ.

එම ජාවාරමේ නිරත වූ සැකකරුවන් කිහිප දෙනෙකු සහ අරක්කු බෝතල්ද සමග අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලිසිය සඳහන් කරයි.

රජයේ අනුමත අරක්කු වැඩි මිලට අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.