ශ්‍රී ලංකා – ඕමාන විස්සයි විස්ස තරඟාවලියේ තරග කාලසටහන

එළඹෙන 2021 අයි.සී.සී පිරිමි විස්සයි 20 ලෝක කුසලානයට පෙර ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පන්දුවාර 20 යි 20 තරග දෙකකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම 2021 ඔක්තෝම්බර් 03 දින ඕමානය බලා පිටත්ව යාමට නියමිතයි.

ඔක්තෝබර් 07 සහ 09 යන දිනවල පැවැත්වෙන තරගාවලි දෙක මඟින් ඉදිරි අයි.සී.සී පිරිමි විස්සයි 20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි සූදානමක් ලැබෙනු ඇත. එයට හේතුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වෙන්නේ ඕමානයේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නිසාවෙනි.

ඕමානය සමඟ පැවැත්වෙන තරඟ දෙකෙන් පසුව, 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට පෙර 2021 ඔක්තෝබර් 12 සහ 14 දෙදින තුළ අයි.සී.සී සංවිධානය කරන ලෝක කුසලාන පුහුණු තරඟ දෙකකදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරනු ඇත.

2020 ලෝක කුසලානය 2021 ඔක්තෝම්බර් 17 සිට නොවැම්බර් 14 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී පැවැත්වීමට සියලුම කටයුතු මේ වනවිටත් සූදානමක් කොට ඇත.