ඖෂධශාලා හිමිකරුවන් වෙත පණිවිඩයක්

මේ දිනවල වෙළදපොලේ තත්ත්වයෙන් බාල වගකීම් සහතිකයක් නොමැති Pulse oximeter හා සනීපාරක්ෂක දියර (sanitizer) විකුණනු ලබන බවට පාරිභෝගික අධිකාරියට හා ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිලි ලැබී ඇති බැවින් දීපව්‍යාප්තව වැටලීම් ආරම්භ කර ඇති බව අපට දැනගන්නට ලැබී ඇත.

එබැවින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ සනීපාරක්ෂක දියර අලෙවිය සදහා ප්‍රදර්ශනය නොකරන ලෙසත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලත් හා wave off registration (WOR) ලිපිය සහිත Pulse oximeter පමණක් අලෙවි කිරීමට කටයුතු කරන ලෙසත් ඒ සදහා අවම වශයෙන් මාස 6ක වගකීම් සහතිකයක් ලබාදීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමි නැතහොත් ඉහත සදහන් ආයතන විසින් ඔබට විරුද්ධව නීත්‍යානූකූලව කටයුතු කරනු ඇත.

ලේකම්,
සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමිකරුවන්ගේ සංගමය