
ජල බිල්පත් නොපමාව ගෙවීමට කටයුතු කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එහි සාමාන්‍යාධිකාරී තිළිණ එස්. විජේතුංග මහතා මෙම ඉල්ලීම කරමින් පවසා සිටියේ, අඛණ්ඩ ජල සැපයුමක් සඳහා ජල බිල්පත් නිසි වේලාවට ගෙවීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි.
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත් මෙම තත්ත්වය යටතේ ජල පරිභෝගිකයන් ජල බිල්පත් ගෙවීම් ප්‍රමාද කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
බිල්පත් ගෙවීම පහසු කිරීම සඳහා නව ක්‍රමවේද රැසක් ද මේ වන විට හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මූල්‍ය ආයතන විසින් හඳුන්වා දී ඇති ජංගම යෙදවුම්, වෙබ් අඩවි හා අන්තර්ජාල බැංකු සේවා හරහා ද මෙම බිල්පත් ගෙවීමට හැකියාව පවතිනවා. එමෙන්ම නිරෝධායන නීතිරීති යටතේ ජලසම්පාදන මණ්ඩලයේ කාර්යාල වෙත පැමිණිමෙන් ද මුදල්, චෙක්පත් හෝ කාඩ්පත් මගින් ගෙවීම් සිදුකළ හැකි බවද ජල සම්පාදන මණ්ඩලය ජනතාව වෙත දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 2 623 623 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.