
වර්තමානය වන විට බොහෝ දෙනාගේ අදහස වන්නේ නින්ජාවරුන් යනු කළුපැහැති රෙදිකඩ වලින් මුහුණු ආවරණය කර ගනිමින්,ඇසිල්ලකින් මතුවී අනතුරු ඇඟවීමකින් තොරව පහර දෙන මිනිසුන් පිරිසක් ලෙසනි. එහෙත් සියලුම නින්ජාවරුන් පුරුෂ පාර්ෂවයට අයත් නොවන අතර ඔවුන් හැමදෙනා කිසිවෙකුටත් නොපෙනෙනා ලෙස රහසින් අඳුරේම ඇවිද ගියේ ද නැත.
කුනොයිචි ලෙසන් හැඳින්වෙන කාන්තා නින්ජාවරියන්, මධ්‍යකාලීන ෂිනෝබි ගෝත්‍රවල වැදගත් අංගයක් තම ජීවන චාරිකාවට ඈඳා ගැනීමට සමත්වූහ. එනම් ඔවුනගේ පිරිමි සගයන් මෙන්, වෙස්වළා ගනිමින්, මෙහෙයුම්වල යෙදීමට අමතරව තම රහසිගත පුහුණුවීම් වලින් ඔබ්බට ගොස් කටයුතු කිරීමයි. තම මෙහෙයුම් සහ ක්‍රියාකාරීත්වය පිරිමි නින්ජාවරුන්ගේ කාර්යයන්ට වඩා වැදගත් ආකාර කිහිපයකින් වෙනස් කර විදහා පෑමට ඔවුන් නිරන්තරයෙන් කටයුතු කළහ. ඒ අතරින් ඔවුන් මූලිකවම වෙනස්කම් වලට භාජනය වූයේ තම වෙස්වළාගැනීම් සහ උපක්‍රම මඟිනි.
වෙස්වළාගැනීම් සහ උපක්‍රම…
“නින්ජා” ලෙස සඳහන් කරනු ලබන චරිතයේ ජපන් උච්චාරණය වන්නේ shinobiය. ඔවුන් ඔත්තුකරුවන් මෙන්ම ඝාතකයන් ලෙසද කටයුතු කළහ. ඔවුනට තම ක්‍රියාකාරී මෙහෙයුම්වල යෙදෙන මොහොතේදී ලැබී තිබූ එක් වරප්‍රසාදයක් වූයේ රාජකාරියේ යෙදී සිටියදී ඕනෑම අයෙකු මරාදැමිය හැකි වීමයි. එම වරප්‍රසාදය මත ඔවුන් බොහෝ දෙනෙකු තම මෙහෙයුමට අනුව ඝාතනයන් සිදු කළහ. නමුත් shinobi වරුන්ගෙන් පරිභාහිර අය රහසිගත නියෝජිතයන් ලෙස ක්‍රියා කළහ. බොහෝ විට ඔවුන් කටයුතු කරනු ලැබුවේ සතුරු ප්‍රදේශයේ අභ්‍යන්තරයට ගොස් රහසිගතවය.
නින්ජාවරුන් බොහෝදෙනෙකු සියල්ලන්ගේම විශ්වාසය දිනාගන්නට සමත් පිරිසක් වුවද ඔවුන් කිසිම විටෙක තමා හමුවට එන ආගන්තුකයන් විශ්වාස කළේ නැත. එසේ වූවානම් එය සිදුවූයේ කලාතුරකිනි. එහෙත් බොහෝ විට කාන්තාවන් මින් වෙනස්වූවාය. ඔවුන් බොහෝවිට සමාජ භූමිකාව නිරූපනය කළේ සේවිකාවන් ලෙසිනි. එමෙන්ම කාන්තාවන් සතුව පැවති සුන්දරත්වය නිසා කුනොයිචිවරියන් බොහෝ විට රංගන ශිල්පීන් ලෙස හෝ අචාරශීලී සේවිකාවන් ලෙස පෙනී සිටියහ. මෙම වෙස්වලාගැනීම් සමඟින් කුනොයිචි, පන්සල්,මාලිගා සහ බලකොටුවලට ඇතුල්වී තොරතුරු රැස් කිරීමට හෝ පිරිමි ඝාතකයන්ට ළඟා විය නොහැකිව තිබෙන සතුරාගේ හොඳින් ආරක්ෂිත ඉලක්ක වෙත පහර දීමට ඉඩ ප්‍රස්ථාව සළසාගත්තාය.
පිරිමි ෂිනෝබිවරයකු එසේත් නැතිනම් නින්ජාවරයකු කිසිදු විටක ඝාතකයාට තම ඉලක්කයට බාධාවකින් තොරව පැමිණීමට ඉඩ නොදුනි. පිරිමි නින්ජාවරු සිදු කරනු ලබන ඝාතන බොහෝ විට රහසිගත භාවයකින් යුතු රහස් දූත මෙහෙවරක ස්වරූපයක් ගත් අතර, සතුරා සොයමින් විනාශ කිරීමට සමත්කම් දැක්වීය.
පුහුණුව..

අතීතයේ සිට නින්ජා සටන් ක්‍රම පුහුණුව ස්ත්‍රී,පුරුෂ දෙපක්ෂයටම ඒ ආකාරයෙන්ම ලබාදුනි. එම පුහුණු ක්‍රමවේදයන් තුළින් ඔවුන් සතු වූ අභ්‍යන්තරික ශක්තීන් උපරිම ආකාරයෙන් යොදා ගැනීම කෙරෙහි පුහුණුකරුවන්ගේ අවධානය යොමු විය. එය ඒ අකාරයෙන් වුවත් මධ්‍යකාලීන ජපානයේ කාන්තාවන් බොහෝ විට දක්ෂතාවයට වඩා අලංකාරය අගය කිරීමට මුල්තැන ලබාදෙන්නට විය. එමෙන්ම කාන්තා නින්ජාවරියන් ලොව කිසිවෙකුත් නොසිතනා ආකාරයේ බලගතු ආයුධයක් තමා වෙත රඳවාගැනීමට සමත්කම් දැක්වීය. ඒ අන් කිසිවක් නොව,ඒ ඇය සතු සුරූපී බවයි. එය ඇයගේ වටිනාම හා මාරාන්තික ආයුධවලින් එකකි.
නමුත් කුනොයිචි,එසේත් නැතිනම් නින්ජා වරියන් සුරූපීබව මත පමණක් තම පැවැත්ම රඳා තබාගන්නා බව එයින් අදහස් නොවේ. ඕනෑම සටනකදී, කුනොයිචි වෙනත් ඕනෑම නින්ජාවරයකු මෙන්ම මාරාන්තික වූ සටන්සඳහා පිවිසේ. මන්ද ඔවුන් මාරාන්තික වූ සටන්ක්‍රම ප්‍රගුණකර ඇකි හෙයිනි.
නින්ජාවරියන් සතු විශේෂිත ආයුධ…
නින්ජාවරුන් මෙන්ම කුනොයිචිද විවිධ ආයුධ සමඟ තම පුහුණු කටයතු කරගෙන යාමට සමත්කම් දැක්වූහ. කවර අයෙකු වුව කඩුවකින් සටන් කරන්නේ කෙසේද යන්න දැන සිටියද නින්ජාවරියන් සතුව මේ සටන්ක්‍රම සම්බන්ධයෙන් ඇත්තේ මනා දක්ෂතාවයකි. දෑත් මඟින් සටන් කිරීමට ඔවුන් විශේෂඥයින් විය. නොයෙක් විෂ කාවැද්දූ තල වර්ග වලින් මෙන්ම නෙකෝ-ටේ ලෙස හඳුන්වන නියපොතු වැනි ඇඟිලි දිගු කිරීම් සඳහා ඔවුන් වඩා ප්‍රියතාවයක් පෙන්නුම් කළහ.
මධ්‍යකාලීන ජපානයේ නෙකෝ-ටේ කුනොයිචි විසින් භාවිතා කරන ලද ආයුධයකි. එක් උදාහරනයක් ලෙසින් දැක්විය හැක්කේ බළලුන්ගේ නියපොතුය. විශේෂයෙන් කුනොයිචි විසින් බළලුන්ගේ නියපොතු භාවිතා කළහ.
එමෙන්ම නින්ජාවරියන්ගේ ආයුධ සමන්විත වන්නේ මුවහත් කරන ලද ලෝහ “නියපොතු” සහිත ඇඟිලි කොපු වලින්ය. එම කොපුව පළඳින්නාගේ ඇඟිලි තුළට දමාගත් පසු කුනොයිචිට අඟල් එකක සිට අඟල් තුන දක්වා දිගු වූ මාරාන්තික,කොටින්ගේ වැනි තියුණු නියපොතු නිර්මාණය නර ගැනීමේ හැකියාව පවතී. බොහෝ දෙනෙක් එම නියපොතු සඳහා අමතර බලයක් ගෙන ඒමේ අරමුණින් ලෝහ නියපොතු සඳහා නොයෙකුත් විෂවර්ග එක් කරනු ලැබීය. Neko-te (නියපොතු) ක්ෂණයකින් අතුරුදන්වන ස්වභාවයක් පෙන්නුම් කරන්නේ අසුරුසැනිනි. එම අතුරුදන්වන නිය බොහෝවිට සැඟවයන්නේ නින්ජාවරියගේ සාක්කුවක හෝ කිමෝනාවක, කමිසයක අතරය. එය ඇයගේ විශ්මිත ප්‍රහාරයට මනා රුකුළක් විය.
සතුරාගේ සිතට බිය ගෙන එන කුනොයිචි…

කුනොයිචි, නින්ජාවරුන්ට වඩා අන් අයගේ සිත්තුළ ඉමහත් බියක් ඇති කරන්නට සමත්විය. සමුරායි ආරක්ෂකයින් යුධ නායකයාගේ මාලිගාවේ වහළ මත මෙන්ම කොරිඩෝවේ මුර සංචාරයේ යෙදී සිටින අතර මුරකරුවන්ට නොපෙනෙන ලෙස නින්ජාවරුන් එතුළට ඇතුල්වීම නතර කරන්නට එම ආරක්ෂකයින් සමත්කම් දැක්විය. එහෙත් කුනොයිචි ඔවුනට වඩා සූක්ෂ්මවිය. අන්ධකාරයේ සැඟවී අදාල ඉළක්කයට ලඟා නොවී ඉලක්කය වෙත ගොස් එය සුනුවිසුනු කර දැමීමට සමත්කම් සැක්වීය. කුනොයිචි තම ඉලක්කය ලබා ගැනීමේදී ඒ පිළිබඳව විශ්වාසය දිනාගැනීමට කටයුතුකළහ. තමාට අවශ්‍ය තරමින් ඒ සඳහා කාලය ලබාගනිමින් ඉලක්කයේ විශ්වාසය දිනාගැනීම ඔවුන්ගේ මූලික පියවරයි. කවරෙකු හෝ ඝාතනය කිරීමට අවැසි නම් බොහෝ විට ඉලක්කයට ලක්ව සිටින්නාගේ නිවසේ සිටින්නවුන්ගේ විශ්වාසයය සමඟින් එම ස්ථානයේ රැකියාවේ පවා යෙදේ. එතැන් සිට ඇය, ඉලක්කයේ තොරතුරු හා විස්තර තම පිරිස්වෙත ලබාදීමට කටයුතු කළාය. නැතහොත් අදාල ඉලක්කයේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවන මොහොතේම පහර දුන්නාය.
බලකොටු තුළට ඇතුල්වීමේදී නින්ජාවරුන්ට වඩා වාසිසහගත බවක් කුනොයිචිට තිබිණි. අනියම් බිරියක් ලෙසින් හෝ සේවිකාවකගේ භූමිකාව රඟදක්වමින් එය මනාලෙස ඉටුකිරීමට ඇයට හැකියාව ලැබිණි. එය නින්ජාවරුන්ට නොලැබෙන පැහැදිලි වාසියකි. ඉහළ ශ්‍රේණියේ සමුරායිවරුන් තම ඥාතීන් සහ විශ්වාසවන්ත සහකරුවන් අතරින් රැඳවුම්කරුවන් තෝරා ගත් අතර, මේ හේතුවෙන් පිරිමි ෂිනෝබින්ට තමන්ගේ ඔත්තු බැලීමට හෝ ඉලක්කයට ඵලදායි ලෙස පහර දීමට හැකි ස්ථානයකට පැමිණීම දුෂ්කර විය. අනෙක් අතට, කාන්තාවකට අවශ්‍ය වූයේ ඉලක්කයේ ස්වාභාවික ආකර්ෂණයන් වෙත ආයාචනා කිරීම පමණි, විශේෂයෙන් ඇය ආචාරශීලී හෝ වෘත්තීය විනෝදාස්වාදකයෙකුගේ අයුරින් ඔවුනු හා මිතුරු වූ විට එය ඉතා පහසු කටයුත්තක් විය. වර්තමානයේ මෙන්ම අතීතයේදීද ලිංගිකත්වය නොයෙක් තැන්වල විවිධ අයුරින් විකිණීමට ලක්විය. මෙය නින්ජාවරියන්ගේ ඉලක්කයට ලඟාවීම පහසුකළා මිස එයින් ඔවුනට අවාසියක් අත් නොවුණි.
රහසිගත නියෝජිතයෝ…
ස්ත්‍රී- පුරුෂ නින්ජාවරුන් දෙදෙනාම රහසිගත නියෝජිතයන් ලෙස ක්‍රියාත්මක වූ අතර ඇතැමුන් කෙතරම් ගැඹුරින් වෙස්වළාගත්තේද කිවහොත් ඔවුන්ට කිසි දිනෙක ඔවුන්ගේ පෙර ජීවිතයට ආපසු යාමට පවා නොහැකි විය. සමහර පැවරුම් ස්ථිර විය. ඔහු හෝ ඇය ජීවත්ව සිටින තාක් හෝ අනන්‍යතාවය හෙළි වන තුරු ඉලක්කයක් ගැන ඔත්තු බැලිය යුතුවිය. අනෙකුත් පැවරුම් ආදියේදී යම් මෙහෙයුම් සියදිවි නසාගැනීම් ස්වරූපයක් පවා ගනු ලැබීය. එම ක්‍රියාවලියේදී ෂිනෝබි මිය ගියද, ඉලක්කයට රිංගා ගොස් පහර දීම ඔහු විසින් සිදුකළයුතු විය. 13 වන සියවසේ ජපානයේ සන්ජෝ මාලිගයේ ප්‍රහාරය කුනොයිචි සියදිවි නසාගැනීම් මෙහෙයුම ගැඹුරු රහසිගත පැවරුම්වලින් යුක්ත විය. නින්ජාවරියන් විවිධ ශක්තීන්ට ගැලපෙන උපක්‍රම, පැවරුම් සහ ආයුධ සමඟ කටයුතු කළ අතර නින්ජාවරුන් හා සමානව සලකනු ලැබීය.
කායා ඩී. රොද්‍රිගු
