Neymar යලි පිටියට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සර්බියාවට එරෙහි තරගයේදී ආබාධයකට ලක් වූ Neymar එම වටයේ ඉතිරි තරග දෙකට සහභාගි වූයේ නැහැ. එහෙත් අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන සුපිරි 16 දෙනාගේ වටයේදි Neymar ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රසීල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විසින් එය තහවුරු කර ඇති බවයි. ප්‍රබල බ්‍රසීල කණ්ඩායම අද තරග වැදීමට නියමිතව ඇත්තේ දකුණු කොරියාව සමගයි.