
පුංචි තිරයේ අපේ ආදරය ලබපු හුරුබුහුටි රංගන ශිල්පිනිය තමයි නිහාරා පීරිස් කියන්නේ. පුංචි දු පැටියගේ පැමිණීමත් එක්ක අයව මේ දිනවල නිතරම දකින්න නැති වුනත් ඇයට ප්‍රේක්ෂක ආදරයනම් පොඩ්ඩක්වත් අඩුවෙලා නැහැ. හත් මසක් වයසැති පුංචි පැටියත් එක්ක ඇය ගෙවන ජීවිතය ගැන ඇය පැවසුවේ මෙහෙමයි.
“අනේ හරිම සුන්දරයි. මමයි මේනකයි හරිම සතුටින් ඒ සුන්දර අත්දැකීම විඳින්නේ. වෙනදාට වඩා දවස ඉක්මනට ගෙවෙනවා වගේ දැනෙනවා චූටී දූ නිසා. සමහර දිනවලට දවසම හරිම කාර්ය බහුලයි. ඒත් හැම දවසක්ම සැළසුමකට අනුව ගත කරන නිසා දිනය අවසානයේ හිතෙනවා දවස හොඳින් සැළසුම් කළා කියලා.” ගෘහණියක්, මවක්, බිරිඳක් විදිහට ඇය දිනය සැළසුම් කරන්න හුරුවී සිටින හැටිත් ඇය පැවසුවා.
“අංක එක උදෑසනම අවදි වෙන එක. පෙර දින රාත්‍රියේදී නින්දට යන්න මොනතරම් පමා වුණත් උදෑසන අවදිවෙන එක,මගේ පුරුද්දක්.උදෑසන අවදි වුණාම දවස දිගයි. අනිත් ප්‍රධානම කාරණය තමයි අද කළ යුතු සෑම දේම, දියණිය වෙනුවෙන් පිළියෙල කළ යුතු ආහාරපාන ගැන පවා පෙර දිනයේදී සැළසුම් කිරීම. ඒ වගේ පුංචි පුංචි උපක්‍ම පාවිච්චි කළාම දවසෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ම්….මම හිතන්නේ පෙම්වතියක්, බිරිඳක්, මවක් විදිහට ජීවිතේ පියවරෙන් පියවර වෙනස් වෙද්දී වගකීම්, යුතුකම්, ඒ ඒ කාලවල දී වෙනස් වෙනස් වෙනවා. ඒ සෑම වගකීමක් සතුටින් ඉටුකරනවා. ඇත්තටම මට හිතෙන්නේ එහෙම කරන එක මට ලොකු ආඩම්බරයක්, ආභරණයක් කියලා. මම අම්මා කෙනෙක්. මම බිරිඳක්, මම ගෘහණියක්, මම දියණියක්, මම රංගන ශිල්පිනියක් කියලා විවිධ චරිතවලට සැබෑ ජීවිතයේ දී පණ පොවනකොට යුතුකම් වගකීම් රාශියක් අප අතින් වියයුතු වෙනවා. ඒ හැම දේම සතුටින් කරන්න මම හැම තිස්සේම උත්සාහ ගන්නවා. මොකද මම හැම තිස්සේම හිතෙනවා බිරිඳක් සතුටින් හිනාවෙලා ඉන්නකොට ඒ ගෙදරට කිරි ඉතිරෙනවා කියලා. අනිත් දේ තමයි දියණියටත් ඒ අත්දැකීම හරියට වටිනවා. හිනාවෙලා ඉන්නකොට ඒ ගෙදරට කිරි ඉතිරෙනවා කියලා. හිනාවෙලා කතා කරන එක. සතුටින් පිළිගන්න එක. ඒ වගේ දේවල්.”
ඇය ඇයගේ දියණිය වෙනුවෙනුත් අලුත් අලුත් කෑම මේ දිනවල හදනවලු. “ඇයට දැන් ඝන ආහාර දෙන්න පටන් අරං තියෙන නිසා සහ මේ කාලයේදී විවිධ රස වර්ග ඇයට හුරුකළ යුතු නිසා. ඒ වෙනුවෙන් ඇයට ගැලපෙන විදිහට පෝෂණය ලැබෙන පරිදි කෑම වේල් පිළියෙල වෙනවා. උදව්වට කෙනෙක් හිටියත්, මගේ අම්මාගෙන් උපරිම සහයෝගයක් ලැබුණත් දියණියට අවශ්‍ය කෑම බීම හැම දේම මගේ අතින්මයි පිළියෙල වෙන්නේ.”
ඉතින් මේ පුංචි පවුලට හැමදාමත් මේ වගේම ආදරයෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරන ගමන්ම ඔවුන්ගේ සොඳුරු චායාරූප පෙළක් නැරඹීමට ආදරයෙන් ඇරයුම් කරනවා.
www.lankaclip.info වෙබ් අඩවිය ඇසුරෙනි